Sunday 27 February 2011

windows xp login screen එකට 7 මුහුනුවරක්.






මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ windows xp තුල අති welcome screen එක වෙනස් කරන විදියක් , ඒ කියුවේ xp තුල අති welcome screen එක වෙනුවට windows 7 welcome screen දාන්න විදියයි.
මේ වැඩේ tuneup වගේ software වලින් ඔයාල කරලා බලලා ඇති. ඒත් මම අද ඔයාලාට කියන්න යන්නේ මේ වැඩේ ඊට වැඩිය ලේසියෙන් කරන්න පුලුවන් ඊට වැඩිය සාර්තක විදියක්. ඒ සදහා වෙනත් software අධාර කරගැනීම අවශ්‍ය වෙන්නෙ නෑ.  ඕනකරන්නේ පහත දීලා තියන file එක විතරයි.   ඒක 2.7mb නිසා ඕනෑ කෙනෙකුට ලේසියෙන්ම download කරගන්න පුලුවන් එහෙනම් ඉතින් පහත පියවර අනුගමනය කරලා වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.

පියවර 01 :-          මුලින්ම මේ link එකෙන් දීලා තියන zip file එක download කරගෙන unzip කරගන්න.
පියවර 02 :-          C:\WINDOWS\Resources එක අතුලේ logon නමින් folder එකක් හදාගන්න.
පියවර 03 :-          ඔයාගේ තිරය widescreen නම් WideScreen යන folderඑක තුල අති files හෝ , ඔයාගේ තිරය සමාන්‍ය තිරයක් නම් Normal Screen යන folderඑක තුල අති files ටික copy කරගෙන අර C:\WINDOWS\Resources එක අතුලේ හදාගත්ත logon folder එක ඇතුලට paste කරගන්න.

පියවර 04 :-          දැන් ඉතින් අර හදාගත්ත logon folder එක අතුලේ තියනවනේ setup.reg කියලා එකක් ඒකට double click කරන්න ඊට පස්සේ yes කරලා Ok කරන්න

පියවර 04 :-          දැන් ඉතින් computer එක restart කරලා බලන්නකෝ, restart කරන්නම ඕනා නෑ Log off කලත් ඇති.
ආයේ welcome screen එක අයින් කරගන්න ඕනෑනම් C:\WINDOWS\Resources එක අතුලේ හදාගත්ත logon folder එකේ තියන restore.reg එකෙන් පුලුවන්
එහෙනම් වැඩේ පැහැදිලිනේ මොකක් හරි problem එකක් එහෙම තියනවානම් comment එකක් දාන්න.

Sunday 20 February 2011

තමන්ගේ files web එකේ backup කිරීම







මම අද මේ post එකෙන් කියලා දෙන්න යන්නේ අපේ files web එකේ backup  කරන විදියක් ගැන. මමත් මේ ක්‍රමය පචිච්චි කරනවා කිසි කරදරයක් නැතිව files ටික backup කරගන්න පුලුවන්. අත්තටම මේක සාර්ථක ක්‍රමයක්.


ඒත් මෙහෙම කියනකොට ඔයාලට හිතෙන්න පුලුවන් CD එකක backup කරගන්න පුලුවන්නෙ කියලා කරගන්න පුලුවන්නම් ඒකත් හොදයි තමා ඒත් ඒක ප්‍රායෝගිකව කෙරෙන්නෙ නෑනෙ backup කරන්න තියෙන්නේ පොඩි file එකක්නම් තව file ටිකක් එකතු උනාම කරනවා කියලා ඉන්නවා මේ අතරතුරේදී අර files ටික මොනාහරි වෙලා මැකුනොත් නම් ඉතින් sorry තමා.

මේ ක්‍රමයේ නම් එහෙම නෑ තියෙන්නෙ පොඩි file එකක් උනත් කම්මැලි නැතුව සැරින් සැරේට හරි backup කරගන්න පුලුවන්. එහෙම ලේසියෙන්ම backup කරගන්න මේකෙ තියන විශේශත්වය තමා backup කරන්නෙ web එකේ උනාට  මේ ඔක්කොම software එකක් මගින් ඉතා පහසුවෙන් කරන්න පුලුවන්කම තියන එක හරියට folder එකකින් folder එකකට copy කරනවා වගේ තමයි backup කරගන්න තියෙන්නෙ. මේකෙ නම තමයි dropbox වැඩේ හරිම ලේසියි අපි එහෙනම් කරලම බලමු.


පියවර 01 -           මුලින්ම මේ link එකෙන් dropbox වෙබ් අඩවියට යන්න. ගිහින් ඒකෙ register වෙන්න එතකොට ඒ site එකෙන් දෙනවා පොඩි setup file එකක් ඒක download කරගන්න.

පියවර 02 -           ඊට පස්සෙ අර download කරගත්ත dropbox setup file එක install කරගන්න. Install කලාට පස්සෙ ඔයාට dropbox එකේ account එකක් නැත්තම් අලුතින් එකක් හදාගන්න අහයි. ඒත් දැන් account එකක් හදා ගත්තනෙ ඒක නිසා ඒ account එකෙන් log වෙන්න .

පියවර 03 -           ඊට පස්සෙ my documents වලට යන්න ඒකෙ ඇති Dropbox කියලා folder එකක් ඒක open කරලා ඔයාට backup කරගන්න ඕනා files ටික copy කරගෙන ඇවිත් මේ folder එක එක ඇතුලේ paste කරන්න ඒ folder එකට paste කරන ඔක්කොම ‍files web එකේ upload වෙනවා.අයෙ ඒකෙන් files ගන්නෙත් එහෙමම තමා. අවශයනම් folder එක ඇතුලෙ තව folders උනත් හදාගන්න පුලුවන්.



සැලකිය යුතුයි :-file එකක් මේකට past කරපු ගමන්ම ඒ file එක upload වෙන්නෙ නැහැ file එකේ සයිස් එක අනුව upload වෙන්න යන කාලය වෙනස් වෙනවා.


යම් හේතුවකින් ඔයා computer එක format කරලා මේ My Documents ඇතුලේ තියන Dropbox folder එක නැති උනොත් එතකොට කරන්න තියෙන්නෙ ආයෙමත් අර dropbox එකෙන් දෙන software එක install කරලා කලින් හදපු account එකෙන්ම log වෙන එක. එතකොට අර කලින් දාපු files ටික ඔක්කෝම අර folder එක අස්සෙ තියනවා.




Sunday 6 February 2011

Bookmarks backup කිරීම.







අපි මොකක් හරි websites එකක් Bookmark කරගන්නෙ ඕනා වෙලාවට ඒ site එකට පහසුවෙන් යන්නනෙ. අනික ඔය ඔක්කොම websites මතක තියාගන්නත් බෑනෙ.  නමුත් පරිගණකය format කිරීමේදී හෝ වෙන හේතුවකින් Bookmark ඔක්කොම ටික මැකුනොත් කොච්චර දුකද .

Internet explorer  භාවිතා කරන අයටනම් මේක එච්චර ප්‍රශ්නයක් නෑ ඒත් මේ ගැටලුව තදින්ම ඇත්තේ google chrome සහ mozilla firefox භාවිතා කරන අයටයි.
ඒකට මම අද කියලා දෙන්න යන විසදුම තමා online bookmark backup කරන්න පුලුවන් software එකක්  මේකෙ නම තමා xmarks.  Internet explorer  පවිච්චි කරන අයටත් මේක තමා හොදම ක්‍රමය. මේ ක්‍රමයට Bookmark විතරක් නෙමේ අදාල browser එකේ save කරපු password ටිකත් ඒ සමගම backup වෙනවා. එහෙනම් අපි වැඩේ කරලම බලමු .


පියවර 01 - මුලින්ම පහත තියන Link වලින් ඔබගේ browser එකට ගැලපෙන xmarks software


පියවර 02 - ඊට පස්සෙ xmarks වල account එකක් හදන්න අහයි. ඒක නිවැරදිව පුරවලා ඔයාගේ නමින් එකක් හදාගන්න.

පියවර 03 – backup කරන අකාරය පහත රූපසටහන් වල දැක්වේ .





chrome සදහා.







firefox සදහා.










internet explorer සදහා.





පියවර 04 - කවදා හරි ඔයාගේ computer එක format කරලා bookmark ටික නැතිවුන දවසට මේ විදියට ඔයාගෙ computer එකට xmarks දාලා menu එකේ ඇති My Xmarks මත click කරලා ඔයගෙ account  එකට log වෙලා bookmark ටික ආපහු ගන්න පුලුවන් .

සැලකිය site යුතුයි ඔබ එකක් bookmark කරන සෑම විටම හෝ ඉද හිට ඔබගේ bookmark backup කරගැනීම කරන්න.
මේක මගේ පලවෙනි blog එකේ පලවෙනි post එක මම හිතනවා මේ blog එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම තව මේ වගේ post ගොඩක් ඉස්සරහට දාන්න හිතන් ඉන්නවා ඒක හින්දා ඔයලා මේ blog එකත් bookmark කරගන්න.
comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා......
 
powered by Blogger