Sunday 27 March 2011

desktop එකේ background එකට video එකක් දාමු.





ඔන්න අද කියන්න යන්නේ desktop එකේ background එකට video එකක් දාන විදිය. කරන්න තියෙන්නේ මේකයි. මේ වැඩේට ඕනා කරන්නේ vlc media player එක ගොඩක් අය මේ media player එක පාවිච්චි කලත් මේකෙන් desktop එකේ background එකට video එකක් දාගන්න විදිය දන්නේ නෑvlc player එක නැත්තම් මෙතනින් ගන්න.
 

මුලින්ම vlc media player එක open කරලා video එකක් play කරන්න.

ඊට පස්සෙ video එක උඩ right click කරපුවාම එන menu එකේ තියනවා video කියලා sub menu එකක් ඒකේ තියනවා DirectX Wallpaper කියලා එකක් ඒකට click කරන්න එතකොට play කරපු video එක desktop එකේ background එකට එනවා ඊටපස්සේ vlc player එක minimize කරලා දාන්න

Friday 18 March 2011

Google Chrome මගින් youtube videos download කරනන්නේ මෙහෙමයි.



මේ post එක Google Chrome එකෙන් youtube videos download කරගන්න විදිය ගැනයි. මේකෙන් videos download කරගන්න පුලුවන් වගේම මේකෙ තියන තවත් විශේෂත්වයක් තමා video එක තමන්ට අවශ්‍ය format එකෙන් download කරගන්න හැකිවීම. කරන්න තියෙන්නේ මෙච්චරයි.

මුලින්ම මේ link එකට යන්න. එතකොට ඒකෙ add to chrome කියලා button එකක් ඇති. ඒකට click කරලා extension එක chrome එකට install කරගන්න එතකොට වැඩේ හරි.

ඊටපස්සේ youtube.com එකට ගිහින් තමන් කැමති video එකක් තෝරගන්න එතකොට video එකට යටින් මෙතෙක් කල් නොතිබුනු button එකක් එයි download කියලා. ඒකට click කරන්න එතකොට menu එක්ක් එයි එකෙන් download කරගන්න ඕනා format එක තෝරන්න එතකොට video එක තමන් තෝරගත්ත format එකෙන් download වෙයි

මම පහතින් screenshot ටිකකුත් දැම්මා එකත් බලන්න. එතකොට හොදට පැහදිලි  වෙයි.











මේක chrome webstore එකෙන් දාන extensions එකක් නොවන නිසා   දැන් කෙලින්ම install කරන්න දෙන්නෙ නෑ. (ඉස්සරනම් නිකම්ම install උනා, මම මේ post එක දාපු කාලෙ)

දැන් දාන විදිය ගොඩක් අය දන්නව ඇති ඒත් මම නොදන්න අයගේ දැනගැනීම සදහා ඒක දාන විදියත් පහලින් දානව :)  .
animation එකක් විදියට



පැහැදිලි මදිනම් පිංතූරය උඩ click කරල බලන්න.


Friday 11 March 2011

windows xp වල icon මාරු කරගන්න විදිය.





අදත් මම මේ post එකෙන් කියන්න හදන්නේ කලින් post එකෙන් කිවුවා වගේම එකක් ඒතමා windows xp වල මුහුනණුවර වෙනස් කරන ක්‍රමයක්.

මම මේකෙන් කියන්නේ windows xp වල වල icon වලට windows vista වල icons replace කරගන්න විදිය. ඔයාලා මේකත් එක එක softwares පාවිච්චි කරලා කරලා බලලා අති ඒත් එහෙම එක එක softwares දාපුවාහම computer එක පොඩ්ඩක් හරි slow වෙන්න බලපානවානේ. මේ ක්‍රමය කලාම පොඩ්ඩක්වත් computer එක slow වෙන්නෙ නෑ. මොකද කියුවොත් වෙනත් software පාවිච්චි කරන්නෙ නෑමේකෙන් කරනනෙ windows xp වල icon අඩංගු (shell32.dll) file එක replace කරන එකයි.

ඒක system file එකක් නිසා නිකම්ම copy කරලා paste කලාට replace කරන්න බෑ,  ඒකට වෙනම ක්‍රමයක් තියනවා ඒ ක්‍රමය පාවිච්චි කරලා අර  file එක replace කරගෙන icon මාරු කරගන්න විදිය තමා මම කියන්න යන්නේ ඒත් මේක 100% ක්ම සාර්තක නෑ කියන්නේ ඔක්කෝම icon මාරුවෙන්නෙ නෑ. ඒත් ගොඩක් icon මාරු වෙනවා ඒක නිසා මේක මටනම් සර්ථක උනා ඔයාලත් කරලා බලන්න.

පියවර 01 :- මුලින්න පහතින් දීලා තියන ගොනු දෙකම බාගන්න.
I.                    file එක replace කරන්න ගන්න software එක.
II.                 Replace කරන vista icons අඩංගු dll  file එක(මේක DOS වලින් හදපු එකක්)

පියවර 02 :- ඊට පස්සේ C:\WINDOWS\system32 වල තියන shell32.dll   file එක හොයාගන්න (windows                  folder එක අස්සට ගිහින් keyboard එකේ S ඔබලා හොයලා බලන්න)

පියවර 03 :- ඊට පස්සේ අර DOS වලින් තියන පොඩි software එක Open කරගන්න ඊටපස්සේ            C:\WINDOWS\system32 අස්සේ තියන shell32.dll   file එක එම dos window එක තුලට ඇදලා දාලා enter කරන්න එතකොට ඉල්ලනවා replace කරන්න ඕනා file එක එතකොට අර download කරගත්ත shell32.dll එක window එකට ඇදලා දාන්න ඊලගට y කී එක ඔබල enter කරන්න එතකොට file එක replace වෙනවා වැඩේ ඉවර උනාට පස්සේ press any key to quit කියලා පෙන්නයි එතකොට මොකක් හරි key එකක් ඔබපුවාම හරි.

පියවර 04 :-  දැන් file එක replace කරලා ඉවරයි දැන් ඉතින් computer එක restart කරලා බලන්න වැඩේ ගොඩ.

මම යටින් slideshow එකක screenshot ටිකකුත් දැම්මා එකත් බලන්න තවත් පැහැදිලි වෙයි.
 ඔයාලට හිතෙන්නේ screenshot ටික slideshow එකක දාන එක හොදද, නැත්තම් නිකම්ම දාන එකද හොද මමනම් හිතන්නේ slideshow එකක දාන එක හොද අති කියලා ඔයාලට හොද එකත් කියලා comment එකක් දාන්න එතකොට මම ඊලග පාර ඒ විදියට screenshot ටික දාන්නම්.







 
powered by Blogger