Friday 22 April 2011

හැමදාම තියාගන්න Google Chrome සම්පූර්ණ setup file එක download කරගන්න.




ඔයාලා දන්නවනෙ ඉතින් Google Chrome දාගන්න දෙන setup file එක 500 KB විතර පොඩි exe එකක්නෙ ඉතින් ඕකට double click  කලාම පැය ගානක් download වෙලා කොහොමහරි ඉතින් ඕක install වෙනවා ඒත් අපිට ආයෙමත් Chrome දාගන්න ඕන උනොත්  ආයෙමත් ඔය වැඩේම කරන්න වෙනවා කාලෙත් අපරාදෙ data ත් අපරාදෙ. ඒත් මේ විදියට කලොත් ඔයාලට ආයෙ එහෙම කරන්න වෙන්නෙ නෑ. එහෙනම් පහත තියන විදියට වැඩේ කරන්න.

පියවර  01:-   ඉස්සල්ලාම කරන්න ඕනා hidden වෙලා තියන files සහ folders පේන විදියට හදාගන්න එක.
ඒක කරන්න දන්නෙ නැති අය ඉන්නවනම් මෙහෙම කරන්න  Start > Control Panel > folder options වල view tab එකේ තියන show hidden files and folders තෝරලා OK කරන්න එටතකොට hidden වෙලා තියන files සහ folders වලට යන්න පුලුවන්.



පියවර 02:-     ඊටපස්සෙ Google එකෙන් දෙන ChromeSetup.exe කියන පොඩි exe file එක download කරගන්න. මෙතනින් ගිහින් ගන්න.

පියවර 03:-    ඊට පස්සෙ ChromeSetup.exe කියන එක open කරන්න එතකොට Chrome download වෙන්න පටන් ගන්නවනෙ ඕක download වෙන අතරෙ මෙන්න මේ folder එකට යන්න මෙන්න යන පාර,
C:\Documents and Settings\දැන් log වෙලා ඉන්න User\Local Settings\Application Data\Google\Update\Download




පියවර 04:-    දැන් Chrome download වෙලා ඉවර වෙලා install වෙන්න පටන් ගන්නවනෙ download වෙලා ඉවර වෙච්ච ගමන් ඔය මම දීපු folder එක ඇතුලෙ තව folder එකක් හැදෙනවා folder එක ඇතුලට යන්න. ඒකෙ තියනවා Google Chrome සම්පූර්ණ setup file එක. ඕක ඔතන තියෙන්නෙ install වෙල ඉවර වෙනකම් විතරයි ඊට පස්ස ඕක නිකම්ම මැකිලා යනවා ඒක හින්දා install වෙලා ඉවර වෙන්න කලින් ඉක්මනට ඔය setup file එක වෙන තැනකට copy කරගන්න.

 පේන්නෙ නැත්තම් photo එක උඩ click කරලා බලන්න.


දැන් ඉතින් ඔයාලා ගාව Google Chrome සම්පූර්ණම setup file එක තියනවා ඕක ඔයාලට ඕන වෙලාවක ඕන විදියකට install කරගන්න පුලුවන්.

මම හිතනවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා එහෙනම් කරලා බලලා comment එකකුත් දාලම යන්න.






නොමිලේ MMS යවන්න.




දැන් MMS යවන්න සල්ලි ගෙවන්න ඕන නෑ. ඔන්න ඔයාලට නොමිලේම MMS යවන්න
ක්‍රමයක්.

ඔය යටින් තියන ඇඩ් මම දාපු ads එහෙම නෙමේ, මම මේ html code එක ගත්ත site එකෙන් දාලා තිබුන ඒවා. ඕවට click කලාට මට සල්ලි හම්බවෙන්නෙ නෑ.

Tuesday 19 April 2011

Memory භාවිතිය බලාගන්න Gadget එකක්




ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පරිඝනකයේ වැඩකරන ගමන් පරිඝනකය භාවිතා කරන memory ප්‍රමානය දැනගන්න පොඩි Gadget එකක් නෙමේ දෙකක්ම (කැමති එකක් දාගන්න කැමතිනම් දෙකම දාගන්න). Memory use කරන එකනම් task manager එකෙනුත් බලාගන්න පුලුවන්නේ නේද? ඔව් බලාගන්න පුලුවන් තමා ඒත් කව්ද හැම තිස්සෙම task manager එක open කරගෙන ඉන්නේ. මම කියන්න යන්නේ Memory use කරන විදිය හැම තිස්සෙම බලාගන්න පුලුවන් පුංචි software එකක් ගැනයි

මේක පුංචි gadget එකක් නිසා මේකට ගොඩක් memory පාවිච්චි වෙන්නෙත් නෑ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මම පහත දීලා තියන link දෙකෙන් Gadget දෙකම බාගන්න එකයි ඒවා zip කරලයි තියෙන්නේ ඒක හින්දා ඒව downlolad කරගෙන ඉවර වෙලා extract කරගන්න. දැන් Hyalo-RAM_v3_by adni18.exe  කියලා file එකකුයි adni18_LaptopMeters.exe කියලා එකකුයි තියනවනේ දැන් ඒවා open කරගන්න ඊටපස්සෙ  desktop එකේ පෙන්නයි ඔයාගෙ පරිගනකයේ memory පාවිච්චි වෙන විදිය.(දීලා තියන දෙකෙන් කැමති එකක් හරි දෙකම හරි දාගන්න පුලුවන්)

මෙන්න link දෙක.
  1. Hyalo-RAM_v3_by adni18
  2. adni18_LaptopMeters

Tuesday 5 April 2011

දිග URL කොට කරමු



ඔන්න අද post එක දිග URL කොට කරීම ගැනයි. URL කියන්නෙ Uniform Resource Locator කියන එකට කියල දන්නවනෙ. දැන් කියන්න යන්නේ URL කියන එකේ තේරුම නෙමේ. මම ඒක කිව්වෙ දන්නෙ නැති අයගේ දැනගැනීම සදහා. දැන් එහෙනම් බලමු කොහොමද  URL එකක් කෙටි කරන්නේ කියලා මේ සේවයත් ඉතින් අපිට දෙන්නේ google තමා. හැබයි මේ වැඩේට අපිට google account එකක් තිබ්බනම් ලේසි google account එකක් අතවශ්‍ය නෑ නොතිබ්බත් URL එක short  කරගන්න පුලුවන් නොතිබ්බොත් ඉතින් short කරපු URL  ආයෙ හොයාගන්න තමා බැරි(මතක තියා ගන්න වෙනවා). ඒක හින්දා google account එකක් තියනවනම් ලොග් වෙලාම ඉන්න. කොහොම හරි ඉතින් දැන් මේ link එකට යන්නකෝ.

ඊට පස්සේ ඔයාට short කරගන්න ඕන URL එක copy කරගෙන ඇවිත් පහත තියන විදියට Paste your long URL here: කියන තැන තියන box එකට past කරලා ඊට ඉස්සරහින් තියන Shorten කියන button එකට click කරන්න එතකොට ඉස්සරහින් පෙන්නයි short කරපු URL එක. දැන් ඒ short කරගත්ත URL එකට ගිහින් බලන්න වැඩේ හරිගියානෙ,  ඔච්චරයි කරන්න තියෙන්නේ

01


02












 
powered by Blogger