Tuesday 31 May 2011

නිතර ඕන වෙන දේවල් අත ලගින් තියාගන්න.




නිතර ඕන වෙන දේවල් කියලා කිව්වෙ නිතර  ඕනවෙන software වල shortcut වලටයි. සාමාන්‍යන් අපි shortcuts දාගන්නේ desktop එකටනෙ, ඒ හරුනු කොට නිතරම ඕනවෙන ඒවා දාගන්නේ  Quick Launch එකට මම හරිනෙ.

ඒත් මම කියන්නේ නිතර ඕනවෙන shortcuts  Quick Launch එකට දාගන්න එක ගැන නෙමේ. මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට වෙනමම software එකක්.

Quick Launch එකට දානවාට වඩා මේකට shortcuts දාගන්න එක ලේසී. මොකද  මේකට shortcuts ගොඩාක් දාගන්නත් පුලුවන්, දාගත්ත shortcuts   ඕනෑ තැනක ඉදලා open කරගන්නත් පුලුවන්මේකෙ Quick Launch එකට වඩා පෙනුමකුත් තියනවා ඉතින් මේක ගැන මම කියල වැඩක් නෑ ඔයාලාත් මේක දාලම බලන්න එතකොට තේරෙයි වෙනස.



^ ^මෙතනින් ගන්න(පිංතූරය උඩ කොටලා) ^ ^

Thursday 26 May 2011

html codes වල හැඩරුව බලාගමු





කොහෙන් හරි html code එකක් හම්බවුනාම ඉතින් බොහෝ දෙනා ඕක blog එකට හරි web site එකට හරි දාලනෙ  බලාගන්නේ. එකක් දෙකක් වගේනම් ඕක අමාරුවෙන් හරි දාලා බලාගනී ඒත් ඊට වැඩිය codes ගොඩක් හම්වෙලා ඒවා බලාගන්න උනොත් ඒක ගොඩක් කරදරකාරී වැඩක් වෙනවානේ.

ඉතින් මම කියන්න යන්නේ එහෙම නැතුව කෙලින්ම html code එක බලාගන්න පුලුවන් විදියක් ගැනයි. කරන්න තියෙන්නේ පොඩි දෙයක්.

01.බලා ගන්න ඕන කරන html code එක copy කරගන්න.

02. දැන් මේ link එකෙන් දීලා තියන site එකට යන්න. real-time HTML editor

03.දැන් ඒකෙ උඩ නිල් පාට කොටුව ඇතුලෙ තියන  code එක මකලා අර කලින් copy කරගත්ත code එක 

එතනට paste කරන්න.
එතකොට ඒ code එකට අදාල දේ යටින් තියන සුදු පාට කොටුව ඇතුලේ පෙන්නනවා. දැන් ඉතින් වැඩේ හරිනේ code එක වැඩ කරනවාද කියලා බලාගත්තනෙ. වැඩ කරනවාද කියල බලාගන්න කිව්වට ඕනනම් අපි ගාව තියන code වල කොටස් මකා දමා  අනවශය කොටස් අයින් කරගන්නත් යොදාගන්න පුලුවන්.

Tuesday 24 May 2011

ඕන media file එකක් ඕන media format එකකට convert කරගන්න.



මේ software එක ගැනනම් ගොඩක් අය දන්නවාත් ඇති. ඒත් මම මේ software එක ගැන කියන්නෙ මේ converter එක ගැන දන්නේ නැති අය ඉන්නවානම්  ඒ අයටත් දැනගන්නයි. මේ converter එකේ නම තමා format factory.  අනික් එක තමා මේ converter එක අනෙක් converter වලට සාපේක්ෂව Speed එක තරමක් අඩු පරිගනක වලදී පවා හොදින් වැඩ කරනවා.

මේ converter එක ගැන ඔයාලට පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන එකක් නෑ මොකද මේක ඕන කෙනෙක්ට දැක්ක ගමන් තේරුම් ගන්න පුලුවන් වැඩේ කරගන්න විදිය.
මේක නිකම්ම තමා අපිට ලැබෙන්නේ එහෙනම් පහත තියන link එකෙන් ගිහින් අලුත්ම version එක download කරගන්න  http://www.formatoz.com/


 
powered by Blogger