Sunday 31 July 2011

Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද.




ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ  ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.

ඔන්න එහෙනම් අපි දැන් වැඩේට බහිමු.

මුලින්ම මේ දීලා තියන link එකෙන් ගිහින් software එක download කරගන්න.(21 KB)
http://www.mediafire.com/?38135dz5rwyf6k7

හරි දැන් ඒක download කරගත්තානෙ ඒක zip කරලා නේද තියෙන්නේ එහෙනම් ඒක extract කරගන්න.

දැන් back.exe කියලා file එකක් එයි ඒ file එක copy කරගන්න.

ඊට පස්සෙ ඔයාට background එක වෙනස් කරන්න ඕනා කරන  folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ ඔය back.exe කියන file එක paste කරන්න.

හරි දැන් ඔය back.exe එක Open කරන්න එතකොට එනවා පහත ආකාරයේ window එකක්

ඕක දැන් Next > කරන්න.



ඊට පස්සේ මේ විදියෙ එකක් එනවා ඒකෙ modify background picture and filename appearance කියන එකට tick එක දාලා Next > කරන්න.



දැන් මේ විදියෙ එකක් එනවා ඕකෙ
(01) Browse වලින් background එකට දෙන්න ඕන කරන image එක තෝරන්න,
(02) text කියන තැන text colour එකත්,
(03) background කියන තැන text එකේ background colour එකත් තෝරලා
Next > කරන්න.




ඔන්න ආවා අන්තිම එක ඕකෙ Finish මත click කරන්න.




දැන් වැඩේ හරි දැන් Refresh කරලා බලන්න Background එකට තෝරපු image එම ඇවිත් ඇති. ඔච්චරයි

මම හිතනවා ඕයාලට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා දැන් ඔයාලා මේක කියෙව්වානෙ 
ඉතිං ඔයාලට හිතෙන දෙයක්   comment වල දාලා යන්න.
කැමතිනම් විතරක් follow කරගෙනම යන්න.
එහෙනම් තවත් මෙවැනිම post එකකින් හමුවෙමු.


Friday 29 July 2011

ඔබේ Nokia ජංගම දුරකතනයට ටෝච් එකක්



මම මේක දෙන්නේ Nokia Phones පාවිච්චි කරන අයටයි chinese phone පාවිච්චි කරන අයටනම් phone ඒකේ ටෝච් එකක් තියනවානේ.

කරන්ට් එක ගියාම හරි කරුවල තැනකදි හරි ගොඩක් අය අනිවාරෙන්ම පාවිච්චි කරන්නේ Phone එකනේ ඒක ටිකක් අලුත් විදියට කරගන්න software  එකක් තමා මම අද දෙන්න යන්නේ.

ඕකෙන් මහලොකු දෙයක් වෙන්නෙ නෑ වෙන්නේ මෙච්චරයි ඕක Open කරගත්තාම screen එකට කැමති පාටක් දාගන්න පුලුවන්, screen එකේ brightness වැඩී, ඕන තරම් වෙලාවක් screen එක off වෙන්නේ නැතුව තියාගන්න පුලුවන්. මේකෙ නම තමා fun torch



එහෙනම් ඔය යටින් දීලා තියන link එකෙන් download කරගෙන  Phone එකට install කරගන්න.



Sunday 24 July 2011

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්නෙ මෙහෙමයි.




ඔන්න මම අද ගෙනාවේ ඔබේ blog එකට ඔය උඩින් දාලා තියන පිංතූරයේ ආකාරයට cursor  එක  පසුපසින් එන විදියට ඔබ කැමති අකුරු ටිකක් දා විදිය ගැනයි. කිව්ව එක තේරුනාද දන්නෙත් නෑ post එක ඔක්කොම කියවන්නකෝ එතකොට තේරුම් ගන්න පුලුවන්.

මේකත් එච්චර අමාරු වැඩක් නෙමේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම blogger home page එකට යන්න ඊට පස්සෙ Desing tab එකට යන්න ඒකෙ Page Elements tab එකේ දකුනූ පැත්තෙ තියන Add a Gadget මත click කරන්න එතකොට මතුවෙන window එකේ HTML/JavaScript මත click කරන්න එතකොට පහත ආකාරයේ window එකක් එනවා.



 ඒකේ Content කියන text box ඒකට මම post එක යටින්ම දීලා තියන code එක  paste කරන්න දැන් ඒක save කරන්න. ඊට පස්සෙ Desing tab එකේ දකුනු පැත්තෙ උඩ තියන save button එකත් click කරන්න. දැන් blog  එකට ගිහින් බලන්න දීපු අකුරු ටික cursor එක පස්සෙන් ඒවි.

Code එකේ your text here කියන තැනට ඔයාට කැමති අකුරු ටික දාගන්න පුලුවන් දාගන්න පුලුවන්.


පිංතූරය පැහදිලි නැත්නම් click කරලා බලන්න.


Code එක මෙතන දාන එක හරිගියෙ නෑ ඒ නිසා දැනට text file එකක දාලා mediafire එකට upload කලා ඒ ක පහත link එකෙන් ගන්න.

http://www.mediafire.com/?92ibud65pb6imxf
(මේක හරියන්නෙ නෑ කියලා comment තිබ්බ නිසා පහලින් තව code එකක් දැම්මා ඒක දාගන්න,
 දාල බලල ඒක හරියන්නෙ නැති අය මේක දාගන්න, මේක හරියන්නෙ නැති අය ඒක දාගන්න)


ප.ලි.
මේ post එකට දාල තිබුන ගොඩක් ප්‍රතිචාර වලින් පෙනුනෙ මේක හරි ආකාරව වැඩ නොකරන බවයි.
මම මේක කිහිප වරක්ම නිවැරදි කලත් අදහස් දැක්වපු අය ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මම හිතුවෙ දැන් හරි ඇති කියල.

මොකටත් මම වෙන blog එකක් හදල code එක දාල බැලුවා ඒකට හරියට වැඩ කරන්නෙ නෑ තමා text එක ගොඩක් පස්සෙන් එන නිසා ඒක පේන්නෙ නෑ. හැබැයි ඔය දීල තියන code එක මගෙ blog එකටනම් හොදට වැඩ කරනව සමහර විට මම දාල තියන template එක නිසා වෙන්න ඇති.

දැන් ඒක හරිගැස්සුවා. මෙතනින් ගිහින්  බලන්න වෙනම blog එකක් හදල අලුත් code එක දාල තියනවා හොදට වැඩ කරනව.

මෙන්න පහලින් තියනව හරිගස්සපු code එක මේක දාගෙන බලන්න. බලල හරි ගියාද කියල කියන්නත් අමතක කරන්න එපා.


 ඒ වගේම මෙයින් ඔබට සිදුවූ අපහසුතාවය ගැනත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.
 
powered by Blogger