Wednesday 31 August 2011

Control Panel එක පිටුපස files සැගවීම.








files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ  සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.

01 පියවර :-  මුලිනම Open කරගන්න Notepad එක.
02 පියවර:-  ඊටපස්සෙ මේ දීලා තියන code එක copy කරගෙන  Notepad එකට paste කරන්න. මතක් කරලා මේකෙ  softwaresaralawa  කියලා රතු පටින් දාලා තියන තැනට හංගන්න ඕන folder එකේ නම යොදන්න.

ren softwaresaralawa softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002b30309D}
03 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට Lock.bat ලෙස යොදා  Save කරන්න.

04 පියවර :- ආයෙ Open කරගන්න Notepad එකක් දැන් ඒකට මේ code එක paste කරන්න මේකෙත් මතක ඇතුව softwaresaralawa කියන තැනට folder එකේ  name එක දෙන්න.
ren softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} softwaresaralawa

05 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට  key.bat ලෙස යොදා  Save කරන්න.

06 පියවර :- හරි එහෙනම් දැන් මම කියපු ටික පිලිවලටම කරන්න ඇතිනෙ එහෙනම් දැන් අර හංගන්න ඕන Folder එක තියන තැනටම ඔය Save කරගත්ත Lock.bat සහ key.bat කියන bat file දෙක paste කරගන්න.(මේකට අනුවනම් හංගන්න ඕනා folder එකෙ name එක වෙන්න ඕනා softwaresaralawa නමුත් ඔයාල වෙනුවට දාපු නමින් තමා folder එක තියෙන්න ඕනා.)

06 පියවර:- දැන් හරි. එහෙනම් දැන් folder එක හංගගන්න වැඩේ ලෑස්තියි දැන් කරන්න තියෙන්නෙ අර Lock.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder එකේ icon එක මාරු වෙනවා Control Panel එකේ icon එක විදියට දැන් Folder එක Open කරලා බලන්න Open වෙන්නෙ නෑ  Open වෙන්නෙ Control Panel එක දැන් හොයන්න බෑ එතන තියෙන්නෙ  folder එකක් කියලා.

07 පියවර :-  ආආආ…. කෝ දැන් Folder එක ඒක කොහොමද ආයෙ ගන්නෙ?. බයවෙන්න එපා ඒක ආයෙ ඕනනම් අර key.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder ආයෙ බලන්න පුලුවන්.

බලල ඉවර වෙලා මතක් කරලා අයෙ අර Lock.bat කියන එකෙන් lock කරල යන්න. ඔය bat file දෙක ඔතන තියන්න එපා මොකද එතකොට වෙන කෙනෙක්ට පුලුවන්නෙ ඔය folder එක බලන්න නිසා ඔතනින් Lock.bat සහ key.bat යන දෙක මකලා දාන්න ආයෙ ඕන වෙන වෙලාවට එතනට දාගන්න.

Sunday 28 August 2011

නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න.




නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි  ක්‍රමයක්.

 හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය http://www.evaphone.com/locale/en මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගත හැකියි.
මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත කැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.

මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.


 
powered by Blogger