Wednesday 30 November 2011

Photo එකක් text එකක් බවට පත් කරමු 2 (වර්ණත් සමග).




Photo එකක් text එකක් බවට පත් කරනව කිව්වහම මතක් වෙනව ඇතිනෙ මොකක් ගැනද කියන්නෙ කියල මම මේ ගැන මීට කලිනුත් එකක් ලිව්ව ඒකත් කියවපු අය ඇතිනෙ කියවපු නැති අය ඉන්නවනම් ඒ අයට මෙතනින් ගිගින් ඒකත් කියවන්න පුලුවන්. ඒත් මම අද කියන්න යන්නෙ ඒ post එකේ දපු විදියට වඩා වෙනස් ඊට වඩා ටිකක් හොද ක්‍රමයක්. ඒකෙදි අපිට text එක හම්බවුනේ pain text එකක් විදියටනෙ ඉතින් මේක ඊට වඩා වෙනස් මේකෙදි අපිට text එක ලැබෙන්නෙ photo එකේ තිබුනු colours එක්කමයි. ඔය උඩ දාලාතියන photo එකෙත් තියෙන්නෙ ඒ විදියට හදපු photo එකක්නෙ.

ඉස්සල්ලම මම මේ දීල තියන site එකට යන්නකො ඔන්න යටින් තියනව site එක.



උඩින්ම තියනවනෙ
  HTML ,ASCII ,Matrix කියල තුනක් ඒකෙන් HTML තෝරන්න.


Image file:       choose file කියන තැනට click කරලා photo එක තෝරන්න.

Characters:       මෙතනට දෙන්න  text එකට තිබිය යුතු අකුරු හෝ ඉලක්කම්.
Random දුන්නොත් ඒ අකුරු අහබු ලෙසත්.
Sequence දුන්නොත් ඒ අක්කුරු අනුපිලිවෙලටත් text එකට එනවා.
Font size:         මෙතනට font size එක දෙන්න.

Image width:    මෙතනත text එකේ පළල දෙන්න (අකුරු ගණන).

Show it in:       colour කියන එක තෝරන්න.

Background:    පසුබිමට ‍අවශ්‍ය වර්ණය දෙන්න.

Extra contrast:  මේකට yes දුන්නාම contrast පොඩ්ඩක් වැඩිවෙනවා.

Web browser:  මෙතනට  දැන් ඔය website එකට ගිය Web browser එක තෝරන්න.

දැන් Convert! කියන button එකට click කරන්න.


දැන් text එක colours එක්කම බලාගන්න පුලුවන් දැන් text එක select කරලා copy කරගෙන කොහෙට හරි paste කරගන්න  ඉතිං ඔච්චරයි කරන්න තියෙන්නෙ.

එහෙනම් ඔබේ අදහසුත් යටින් දාල යන්න.

Sunday 27 November 2011

Send to මෙනුවට අලුත් එකක් දාගමු.




Send  to menu කිව්වෙ මොකකටද කියන එක දන්නවනෙ ඔය මොකක් හරි file එකක් උඩ right click කලාම එන්නෙ send to කියල sub menu එකක් ඒකෙ තියනවනෙ desktop, my documents, compressed..වගේ ඒවා ඉතිං මම අද ඔයාලට  කියල දෙන්න යන්නෙ කොහොමද ඔතනට අලුත් folder එකක් දාගන්නෙ කියල. කියන්නෙ මොකක් හරි file එකක් උඩ  right click කරල file එක මොකක් හරි folder එකකට යැවීම සදහා.

මම මේ post එක ටිකක් කලින් දාන්න හිටපු එකක් උනත් දාන්න ටිකක් පරක්කු උනේ windows seven වලට අදාල folder path එක දන්නෙ නැති හින්ද ඒක නැතුව දැම්මනම් මේ poste එකෙන් windows seven පාවිච්චි කරන අයට වැඩක් නැති වෙනවනෙ අද තමයි ඒකත් හොයල බලල මේ post එක දාන්නෙ එහෙනම් වැඩේ කරගන්න විදිය පහතින් තියනව පියවරෙන් පියවර කියවල බලන්න සරලයි.
මේක කරන්න නම් ඉස්සල්ලම hidden files පේන විදියට හදාගන්න
ඒක කරගන්න දන්නෙ නැති අය ඉන්නවනම් පහතින් තියන video එක බලන්න. (පොඩි video එකක්   328kb    360p)





පියවර 01 :- හරි එහෙනම් දැන් කොහෙහරි කැමති තැනක folder එකක් හදාගන්න (උදාහරණයක් විදියට කියමුකෝ desktop එකේ කියල)
ඒකට කැමති නමක් දාගන්න (ඒකටත් උදාහරණයක් විදියට කියමුකො received කියලා නම දුන්න කියලා)

පියවර 02 :- දැන් folder එක උඩ right click කරලා create shortcut මත click කරන්න.

පියවර 03 :- දැන් හදාගත්ත shortcut එක cut කරන්න දැන් cut කරගත්ත shortcut එක පහතින් දීල තියන path එකේ තියන folder එක ඇතුලට paste කරන්න.


windows xp සදහා :-  C:\Documents and Settings\දැනට log වී සිටින user account එකට අදාල folder                         එක\SendTo



windows seven සදහා:-    C:\users\  දැනට log වී සිටින user account එකට අදාල folder එක \AppData\Roaming
                 නැත්තම් start > run  %APPDATA%\Microsoft\Windows\SendTo ඕක ගහලා enter කරන්න.

හරි දැන් වැඩේ ඉවරයි කරල බලමු එහෙනම් දැන් ඕනෑම file එකක් උඩ right click කරලා send to menu එකට ගියාම දැන් menu දැකගන්න පුලුවන් අපි අර කලින් හදපු folder එක (ඉහත උදාහරණයේ හැටියට නම් received)  ඒකට click කරල බලන්න ඔය file එක received folder එක ඇතුලට යනවා.
ඔය sendto folder එක ඇතුලට ඕනෙනම් application එකක shortcut එකක් උනත් දාන්න පුලුවන් එතකොට ඒ application එකෙන් open වෙනවා ඒකත් ඔනෙනම් කරල බලන්න.

හරි එහෙනම් මේක කියවල ඔයාලට මොකක් හරි වැඩක් උනා කියල හිතෙනවනම් comment එකක් දාල යන්න නැතත් comment එකක් දාලා ගියාට කමක් නෑ :D
Comment එකක් දාලා හරි නොදා හරි ගියාට කමක් නෑ ආයෙ මේ පැත්තෙ එන්න J.


 
powered by Blogger