Sunday 23 December 2012

Blog එකට එන අයට නත්තලට සුබපතන්න දාගන්න බැනර් එකක්.



මම අද දෙන්න යන්නෙ blog එකට එන අයට නත්තලට සුභ පතන්න blog එකට දාගන්න පුලුවන් බැනර් එකක්.පේනවනෙ ඔය උඩ තියෙන්නෙ ඒක තමා දෙන්න යන්නෙ.
මේ වගේ බැනර් ඔයාලට දැනටමත් කොහෙන් හරි හම්බවෙලා තිබුනත් ඒ සිංහලෙන් තියන එකක් නෙමේනෙ මේක තියෙන්නෙ සිංහලෙන්.

මම මේ post එක දාන්න ටිකක් පරක්කු උනා වැඩී දැන්නම් මේකෙන් වැඩක් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ  තාම නත්තල් ලැබුවෙ නෑනෙ . ඊට කලින් කැමති අයට මේ දවසට දෙකට හරි මේක දාගන්න පුලුවන් නිසා ඔන්න මම දැන් දැම්මා.


ගොඩක් මම දැක්ක දෙයක් තමා දෙසැම්බර් මාසෙ පටන් ගත්ත ගමන්ම blog වල හිම වැටෙනව, මල් වැටෙනවා තව එක එක ජාති.. වැඩේනම් ලස්සනයි තමා ඒත් අපි පොඩ්ඩක් හිතන්න ඕන blog එකට එන අය අපි දාන gadgets නිසා අපහසුතාවයට පත් වෙනවද කියලා. අපි පාවිච්චි කරන්නෙ හොද පරිගණකයක් වෙන්න පුලුවන් නමුත් අපි හිතන්න ඕනා තරමක් මන්දගාමී පරිගණක වලින් අපේ blog එකට එන අය ඒ වගේ gadgets වලින් අපහසුතාවයට පත් වෙන්න පුලුවන්න් කියන එක. ඒ වගේම ඒ අයගෙ වටින කාලය නිකරුනේ අපතේ යෑමක් සිදුවෙන්නත් පුලුවන්.  අපි හැම විටම බලන්න ඕන  අපේ blog එකෙන් තව කෙනෙකුට අලුත් දෙයක් කියල දෙන්න ඒ අයගෙ කාලය නිකරුනේ නාස්ති කිරීමකින් තොරව. 
මම හරිනෙ.... :) ඉතිං මේක එච්චර ලොකු  gadget එකක් නෙමේ බොහොම පොඩි එකක් දාගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.හරි ඒ අමතර  කතාවක් ආයෙ ආපු මාර්තුකාවට යමුකො.

ඉස්සල්ලම මේ link එකෙන් ගිහින් බලන්න මේ බැනර් එක මොන වගේද කියල දකුනු පැත්තෙ උඩම ඇති.

දැන් බලමු දාගන්න විදිය.

01.  Layout  > Add A Gadget > Html/Javascript
අපැහැදිලි අය පහත පිංතූරය බලන්න.
(පොඩි එකෙන් ඇදපු චිත්‍රයක් වගේ නේද :P.. ඒ වගේ තමා ඇන්දෙ)





02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න.






03.save කරන්න.

දැන් blog එකට ගිහින් බලන බැනර් එක තියනවා.


ඒ වගේම blog එකට එන අයට සුබ පතන්න මම කලින් දාපු 

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්න 


post එකත් උපකාර කරගන්න පුලුවන් වෙයි. 







                                                             
ඔබ සියලු දෙනාටම මමත් සුබම සුබ නත්තලක් ප්‍රාර්තනා කරනවා.







Friday 14 December 2012

You Tube වීඩියෝවක් බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න ලේසිම වැඩේ.



අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ.

ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න,බලාගන්න පුලුවන්නම් අපිට කලින්ම තීරනය කරන්න පුලුවන් video එක බලනවද නැද්ද කියල. ඉතින් එහෙම බලාගන්න තිබ්බනම් කොච්චර පහසුද නේ. මම අද කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරගන්නෙ විදිය තමා.

හැබැයි මේක Google Chrome භාවිතා කරන අයට විතරයි. එහෙනම් Chrome පාවිච්චි කරන අය පහත link එකෙන් ගිහිල්ලා extension එක Browser එකට Add කරගන්නකො.


හරි දැන් දාගෙන ඉවර වෙලා Youtube එකට ගිහිල්ලා ඔය තියන මොකක් හරි video එකක් ලගට cursor එක ගිනියල බලන්නකො video එක Thumbnail ආකාරයෙන්ම බලල තීරනය කරන්න පුලුවන් බලනවද නැද්ද කියලා. 
තව එකක්, පොඩි පොඩි internet packages වලින් යන අය දාගන්නවනම් පොඩ්ඩක් හිතල බලන්න මොකද මේකෙදි පොඩියට උනත් අපිට අවශ්‍ය සහ අනවශ්‍ය Video සේරම load වෙන නියා නිකරුනේ දත්ත ප්‍රමානය අහක යනව කියල ඒ අයට හිතෙන්නත් පපුලුවන්.


 
powered by Blogger