මම අද දෙන්න යන්නෙ blog එකට එන අයට නත්තලට සුභ පතන්න blog එකට දාගන්න පුලුවන් බැනර් එකක්.පේනවනෙ ඔය උඩ තියෙන්නෙ ඒක තමා දෙන්න යන්නෙ.
මේ වගේ බැනර් ඔයාලට දැනටමත් කොහෙන් හරි හම්බවෙලා තිබුනත් ඒ සිංහලෙන් තියන එකක් නෙමේනෙ මේක තියෙන්නෙ සිංහලෙන්.
මම මේ post එක දාන්න ටිකක් පරක්කු උනා වැඩී දැන්නම් මේකෙන් වැඩක් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ තාම නත්තල් ලැබුවෙ නෑනෙ . ඊට කලින් කැමති අයට මේ දවසට දෙකට හරි මේක දාගන්න පුලුවන් නිසා ඔන්න මම දැන් දැම්මා.
ගොඩක් මම දැක්ක දෙයක් තමා දෙසැම්බර් මාසෙ පටන් ගත්ත ගමන්ම blog වල හිම වැටෙනව, මල් වැටෙනවා තව එක එක ජාති.. වැඩේනම් ලස්සනයි තමා ඒත් අපි පොඩ්ඩක් හිතන්න ඕන blog එකට එන අය අපි දාන gadgets නිසා අපහසුතාවයට පත් වෙනවද කියලා. අපි පාවිච්චි කරන්නෙ හොද පරිගණකයක් වෙන්න පුලුවන් නමුත් අපි හිතන්න ඕනා තරමක් මන්දගාමී පරිගණක වලින් අපේ blog එකට එන අය ඒ වගේ gadgets වලින් අපහසුතාවයට පත් වෙන්න පුලුවන්න් කියන එක. ඒ වගේම ඒ අයගෙ වටින කාලය නිකරුනේ අපතේ යෑමක් සිදුවෙන්නත් පුලුවන්. අපි හැම විටම බලන්න ඕන අපේ blog එකෙන් තව කෙනෙකුට අලුත් දෙයක් කියල දෙන්න ඒ අයගෙ කාලය නිකරුනේ නාස්ති කිරීමකින් තොරව.
මම හරිනෙ.... :) ඉතිං මේක එච්චර ලොකු gadget එකක් නෙමේ බොහොම පොඩි එකක් දාගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.හරි ඒ අමතර කතාවක් ආයෙ ආපු මාර්තුකාවට යමුකො.
ඉස්සල්ලම මේ link එකෙන් ගිහින් බලන්න මේ බැනර් එක මොන වගේද කියල දකුනු පැත්තෙ උඩම ඇති.
දැන් බලමු දාගන්න විදිය.
01. Layout > Add A Gadget > Html/Javascript
අපැහැදිලි අය පහත පිංතූරය බලන්න.
(පොඩි එකෙන් ඇදපු චිත්‍රයක් වගේ නේද :P.. ඒ වගේ තමා ඇන්දෙ)
02.පහත code එක copy කරලා ඒ තුල paste කරන්න.