Showing posts with label windows tricks. Show all posts
Showing posts with label windows tricks. Show all posts

Saturday, 27 October 2012

ඔබ නිතර භාවිතා කරන folders, Windows සහ Office වල open/save dialogs box එකට එකතු කරගන්න


Windows සහ Office වල open/save dialogs box වල පැත්තෙන් තියන folders වෙනුවට අපිට කැමති වෙනත් folders එකතු කරගැනීමට අවස්ථාවක් සපයල නෑ.
ඉතින් මම අද දෙන්න යන්නෙ එතන තියන අපිට වැඩකට නැති folders වෙනුවට අපි නිතර භාවිතා කරන folders  එකතු කරගන්න පුළුවන් විදියෙ software එකක්.

ඉස්සල්ලම කියන්න ඕන මේකෙ කියල තියන විදියට මේක සහය දක්වන්නෙ මෙන්න මේවටයි.
  • Windows 2000/XP/ME/Vista
  • Microsoft Office 2000/XP/2003/2007
හරි ඔබත් මේවයින් එකක් හෝ භාවිතා කරනවනම් ඔබටත් පුළුවන් මේ වැඩේ කරල බලන්න.
01. ඉස්සල්ලම මේ link එකෙන් ගිහින් Melloware Placesbar Editor කියන එක download කරගන්න.
http://melloware.com/placesbar/  (0.98MB විතර තමා වෙන්නෙ)

02. zip file එකක් තමා download වෙන්නෙ ඒක extract කරගෙන සාමා‍න්‍ය පරිදි install කරගන්න.

03. දැන් මේ වගේ එකක් එයි

ඕකෙ Windows tab එක යටතෙ windows වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගන්න පුළුවන් ඒ සදහා අදාළ folder එක ඉදිරියෙන් ඇති custom මත Tick කර අවශ්‍ය folder එකක් තෝරගන්න.

04. අවසානයේ save මත click කරන්න. දැන් ඔබට අවශ්‍ය පරිදි සැකසී ඇද්දැයි පරීක්ෂා කරගැනීමට test මත click කරන්න.


  • office වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගැනීම සදහා පහත පරිදි  Add 5 more custom places to the Office 2000/XP/2003/2007 PlacesBar සදහා tick කර පෙර පරිදිම සැකසුම් කර save කරන්න.


මෙන්න අවසාන ප්‍රතිඵලය
Windows වල

--------------------------------------------------------------------------------------
office වල




මම හිතනව මේ post එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල. එහෙම උනානම් කියල යන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අපි තවත් post එකකින් හමුවෙමු.
ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් comment කරන්න.





Tuesday, 2 October 2012

ඕනෑම file එකක හෝ folder එකක path එක right click කිරීම මගින් copy කරගමු.



මම අද කියල දෙන්න යන්නෙ file එකක හෝ folder එකක path එක copy කරගන්න පුලුවන් ඉතාම පහසු ක්‍රමයක් ගැන. බැලූ බැල්මට ඔබට හිතෙන්න පුලුවන් මේකෙන් අපිට කිසි වැඩක් නෑනෙ කියල ඒත් මේක කියවල කරන විදිය දැනගෙන ඉන්න එතකොට කවද හරි ඔයාට මේක ඕන උනොත් කරගන්න දන්නවනෙ. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.
මේකෙන් ඕනෑම file එකක path එක copy කරගන්න පුලුවන්. එක file එකක විතරක් නෙමේ අවශ්‍යනම් files කිහිපයකම උවත් path එකපාර copy කරගන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයක්.
ඉස්සල්ලම පහත තියන Link ඒකෙන් ගිහින් Ninotech Path Copy 4.0 කියන zip file එක download කරගන්න
(150kb විතර තමා වෙන්නෙ)

softpedia එකෙන් ගන්න මෙන්න link එක
 download button

ඒකෙන් ගන්න එක කරදරයි වගේ හිතෙනවනම් මෙන්න මම mediafire එකටත් දැම්ම.




දැන් ඔය download කරගත්ත zip file එක extract කරගන්න.

ඊට පස්සෙ PATHCOPY.INF එක උඩ right click කරල Install මත click කරන්න.
පහත පිංතූරය බලන්න පැහැදිලි වෙයි.

-----------------------------------------------------------------------------------------------------------
දැන් අවශ්‍ය file එක උඩ right click කරපුවාම > තියනවා copy path කියන sub menu එකක් ඒකට ගිහාම >  path එක කැමති විදියකට copy කරගන්න පුලුවන්.(Long path,Short path,folder path................)
පහල තියන පිංතූරය බලන්නකො.

--------------------------------------
ඔය copy path කියන sub menu එකේ යටින්ම Setup... කියල එකක් තියනවා පේනව ඇතිනෙ එතන click කරල බලන්න එතන තියනවා තවත් සැකසුම් රාශියක් හදාගන්න.

එහෙනම් මේ post එක ගැන ඕයාලගෙ අදහසුත් දාල යන්න අමතක කරන්න එපා..


Sunday, 27 November 2011

Send to මෙනුවට අලුත් එකක් දාගමු.




Send  to menu කිව්වෙ මොකකටද කියන එක දන්නවනෙ ඔය මොකක් හරි file එකක් උඩ right click කලාම එන්නෙ send to කියල sub menu එකක් ඒකෙ තියනවනෙ desktop, my documents, compressed..වගේ ඒවා ඉතිං මම අද ඔයාලට  කියල දෙන්න යන්නෙ කොහොමද ඔතනට අලුත් folder එකක් දාගන්නෙ කියල. කියන්නෙ මොකක් හරි file එකක් උඩ  right click කරල file එක මොකක් හරි folder එකකට යැවීම සදහා.

මම මේ post එක ටිකක් කලින් දාන්න හිටපු එකක් උනත් දාන්න ටිකක් පරක්කු උනේ windows seven වලට අදාල folder path එක දන්නෙ නැති හින්ද ඒක නැතුව දැම්මනම් මේ poste එකෙන් windows seven පාවිච්චි කරන අයට වැඩක් නැති වෙනවනෙ අද තමයි ඒකත් හොයල බලල මේ post එක දාන්නෙ එහෙනම් වැඩේ කරගන්න විදිය පහතින් තියනව පියවරෙන් පියවර කියවල බලන්න සරලයි.
මේක කරන්න නම් ඉස්සල්ලම hidden files පේන විදියට හදාගන්න
ඒක කරගන්න දන්නෙ නැති අය ඉන්නවනම් පහතින් තියන video එක බලන්න. (පොඩි video එකක්   328kb    360p)





පියවර 01 :- හරි එහෙනම් දැන් කොහෙහරි කැමති තැනක folder එකක් හදාගන්න (උදාහරණයක් විදියට කියමුකෝ desktop එකේ කියල)
ඒකට කැමති නමක් දාගන්න (ඒකටත් උදාහරණයක් විදියට කියමුකො received කියලා නම දුන්න කියලා)

පියවර 02 :- දැන් folder එක උඩ right click කරලා create shortcut මත click කරන්න.

පියවර 03 :- දැන් හදාගත්ත shortcut එක cut කරන්න දැන් cut කරගත්ත shortcut එක පහතින් දීල තියන path එකේ තියන folder එක ඇතුලට paste කරන්න.


windows xp සදහා :-  C:\Documents and Settings\දැනට log වී සිටින user account එකට අදාල folder                         එක\SendTo



windows seven සදහා:-    C:\users\  දැනට log වී සිටින user account එකට අදාල folder එක \AppData\Roaming
                 නැත්තම් start > run  %APPDATA%\Microsoft\Windows\SendTo ඕක ගහලා enter කරන්න.

හරි දැන් වැඩේ ඉවරයි කරල බලමු එහෙනම් දැන් ඕනෑම file එකක් උඩ right click කරලා send to menu එකට ගියාම දැන් menu දැකගන්න පුලුවන් අපි අර කලින් හදපු folder එක (ඉහත උදාහරණයේ හැටියට නම් received)  ඒකට click කරල බලන්න ඔය file එක received folder එක ඇතුලට යනවා.
ඔය sendto folder එක ඇතුලට ඕනෙනම් application එකක shortcut එකක් උනත් දාන්න පුලුවන් එතකොට ඒ application එකෙන් open වෙනවා ඒකත් ඔනෙනම් කරල බලන්න.

හරි එහෙනම් මේක කියවල ඔයාලට මොකක් හරි වැඩක් උනා කියල හිතෙනවනම් comment එකක් දාල යන්න නැතත් comment එකක් දාලා ගියාට කමක් නෑ :D
Comment එකක් දාලා හරි නොදා හරි ගියාට කමක් නෑ ආයෙ මේ පැත්තෙ එන්න J.


Wednesday, 31 August 2011

Control Panel එක පිටුපස files සැගවීම.








files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ  සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.

01 පියවර :-  මුලිනම Open කරගන්න Notepad එක.
02 පියවර:-  ඊටපස්සෙ මේ දීලා තියන code එක copy කරගෙන  Notepad එකට paste කරන්න. මතක් කරලා මේකෙ  softwaresaralawa  කියලා රතු පටින් දාලා තියන තැනට හංගන්න ඕන folder එකේ නම යොදන්න.

ren softwaresaralawa softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002b30309D}
03 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට Lock.bat ලෙස යොදා  Save කරන්න.

04 පියවර :- ආයෙ Open කරගන්න Notepad එකක් දැන් ඒකට මේ code එක paste කරන්න මේකෙත් මතක ඇතුව softwaresaralawa කියන තැනට folder එකේ  name එක දෙන්න.
ren softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} softwaresaralawa

05 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට  key.bat ලෙස යොදා  Save කරන්න.

06 පියවර :- හරි එහෙනම් දැන් මම කියපු ටික පිලිවලටම කරන්න ඇතිනෙ එහෙනම් දැන් අර හංගන්න ඕන Folder එක තියන තැනටම ඔය Save කරගත්ත Lock.bat සහ key.bat කියන bat file දෙක paste කරගන්න.(මේකට අනුවනම් හංගන්න ඕනා folder එකෙ name එක වෙන්න ඕනා softwaresaralawa නමුත් ඔයාල වෙනුවට දාපු නමින් තමා folder එක තියෙන්න ඕනා.)

06 පියවර:- දැන් හරි. එහෙනම් දැන් folder එක හංගගන්න වැඩේ ලෑස්තියි දැන් කරන්න තියෙන්නෙ අර Lock.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder එකේ icon එක මාරු වෙනවා Control Panel එකේ icon එක විදියට දැන් Folder එක Open කරලා බලන්න Open වෙන්නෙ නෑ  Open වෙන්නෙ Control Panel එක දැන් හොයන්න බෑ එතන තියෙන්නෙ  folder එකක් කියලා.

07 පියවර :-  ආආආ…. කෝ දැන් Folder එක ඒක කොහොමද ආයෙ ගන්නෙ?. බයවෙන්න එපා ඒක ආයෙ ඕනනම් අර key.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder ආයෙ බලන්න පුලුවන්.

බලල ඉවර වෙලා මතක් කරලා අයෙ අර Lock.bat කියන එකෙන් lock කරල යන්න. ඔය bat file දෙක ඔතන තියන්න එපා මොකද එතකොට වෙන කෙනෙක්ට පුලුවන්නෙ ඔය folder එක බලන්න නිසා ඔතනින් Lock.bat සහ key.bat යන දෙක මකලා දාන්න ආයෙ ඕන වෙන වෙලාවට එතනට දාගන්න.
 
powered by Blogger