Showing posts with label Blog. Show all posts
Showing posts with label Blog. Show all posts

Sunday, 23 December 2012

Blog එකට එන අයට නත්තලට සුබපතන්න දාගන්න බැනර් එකක්.



මම අද දෙන්න යන්නෙ blog එකට එන අයට නත්තලට සුභ පතන්න blog එකට දාගන්න පුලුවන් බැනර් එකක්.පේනවනෙ ඔය උඩ තියෙන්නෙ ඒක තමා දෙන්න යන්නෙ.
මේ වගේ බැනර් ඔයාලට දැනටමත් කොහෙන් හරි හම්බවෙලා තිබුනත් ඒ සිංහලෙන් තියන එකක් නෙමේනෙ මේක තියෙන්නෙ සිංහලෙන්.

මම මේ post එක දාන්න ටිකක් පරක්කු උනා වැඩී දැන්නම් මේකෙන් වැඩක් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ  තාම නත්තල් ලැබුවෙ නෑනෙ . ඊට කලින් කැමති අයට මේ දවසට දෙකට හරි මේක දාගන්න පුලුවන් නිසා ඔන්න මම දැන් දැම්මා.


ගොඩක් මම දැක්ක දෙයක් තමා දෙසැම්බර් මාසෙ පටන් ගත්ත ගමන්ම blog වල හිම වැටෙනව, මල් වැටෙනවා තව එක එක ජාති.. වැඩේනම් ලස්සනයි තමා ඒත් අපි පොඩ්ඩක් හිතන්න ඕන blog එකට එන අය අපි දාන gadgets නිසා අපහසුතාවයට පත් වෙනවද කියලා. අපි පාවිච්චි කරන්නෙ හොද පරිගණකයක් වෙන්න පුලුවන් නමුත් අපි හිතන්න ඕනා තරමක් මන්දගාමී පරිගණක වලින් අපේ blog එකට එන අය ඒ වගේ gadgets වලින් අපහසුතාවයට පත් වෙන්න පුලුවන්න් කියන එක. ඒ වගේම ඒ අයගෙ වටින කාලය නිකරුනේ අපතේ යෑමක් සිදුවෙන්නත් පුලුවන්.  අපි හැම විටම බලන්න ඕන  අපේ blog එකෙන් තව කෙනෙකුට අලුත් දෙයක් කියල දෙන්න ඒ අයගෙ කාලය නිකරුනේ නාස්ති කිරීමකින් තොරව. 
මම හරිනෙ.... :) ඉතිං මේක එච්චර ලොකු  gadget එකක් නෙමේ බොහොම පොඩි එකක් දාගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.හරි ඒ අමතර  කතාවක් ආයෙ ආපු මාර්තුකාවට යමුකො.

ඉස්සල්ලම මේ link එකෙන් ගිහින් බලන්න මේ බැනර් එක මොන වගේද කියල දකුනු පැත්තෙ උඩම ඇති.

දැන් බලමු දාගන්න විදිය.

01.  Layout  > Add A Gadget > Html/Javascript
අපැහැදිලි අය පහත පිංතූරය බලන්න.
(පොඩි එකෙන් ඇදපු චිත්‍රයක් වගේ නේද :P.. ඒ වගේ තමා ඇන්දෙ)





02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න.






03.save කරන්න.

දැන් blog එකට ගිහින් බලන බැනර් එක තියනවා.


ඒ වගේම blog එකට එන අයට සුබ පතන්න මම කලින් දාපු 

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්න 


post එකත් උපකාර කරගන්න පුලුවන් වෙයි. 







                                                             
ඔබ සියලු දෙනාටම මමත් සුබම සුබ නත්තලක් ප්‍රාර්තනා කරනවා.







Saturday, 7 April 2012

Blog එකට එන යාළුවන්ට අලුත් අවුරුද්දට සුභ පතන්න බැනර් එකක් දාගමු.





ඉස්සල්ලම කියන්න ඕනෙ මට ගොඩක් කාලයකින් blog එකට කිසිම Post එකක් දාගන්න බැරි උනා ඒකට හේතුව මට ඒ සදහා වෙන් කරගන්න කාලයක් නැති වුනා, ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්‍රකශ කරන අතර ඉදිරි මාස 5ක් තුලද(අගෝස්තු මස දක්වා). බ්ලොගයට නිතර නිතර ලිපි දැමීමට නොහැකි විය හැකි අතර ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොගය කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.
ඉතිං එතකන් මේ Blog එක අමතක නොකර Blog එක සමග රෙදී සිටින ලෙස කාරුනිකව ඔබ සැමගෙන් ඉල්ල සිටිනවා..

හරි දැන් අපි බලමු අපි කරන්න ආපු වැඩේ මොකද්ද මේ blog එකට දාගන්න යන Banner එක කියල
මතක ඇතිනෙ කලිනුත් මම මේ වගේම post 2ක් දැම්ම එකක් නත්තලට දැම්මෙ අනික දැම්මෙ 2012 අලුත් අවුරුද්දට.
මේකත් ඒවගේම බැනර් එකක් තමා හැබැයි මේකෙ තියෙන්නෙ සිංහලෙන් පහත link එකෙන් ගිහින් බලන්නකෝ බැනර් එක.


ඉතිං ඔයාලටත් මෙ බැනර් එක ඔයාලගෙ Blog එකට දාගන්න හොදයි කියල හිතුනනම් පහත පියවර අනුගමනය කිරීමෙන් දාගන්න පුලුවන්.

01. Design > Add A Gadget > Html/Javascript
02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න.




03. දැන් save කරන්න.


  • ඔබ සැමට සුභ නව වසරක් වේවා!!!  



Thursday, 29 December 2011

බ්ලොගයට එන අයට New Year එකට සුභපතන්න ලේසි ක්‍රමයක්.





මම අද ඔයාලට දෙන්න යන්නෙ New Year එකට ඔයාලගෙ blog එකට දාගන්න  banner එකක් මේකත් මම අර කලින් නත්තලට දාගන්න දුන්න banner එක වගේම එකක් තමා ඒත් මම ඒක දානකොට ටිකක් පරක්කු උනා :( මොකද එතකොට මගෙ router කැඩිලනෙ තිබුනෙ). කොහොම උනත් කමක් නෑ මේ  post මේකනම් ඔන්න පොඩ්ඩක් විතර කලින් දාන්න පුලුවන් උනා.

ඉස්සල්ලම මෙතනින් ගිහින් බලලා ඉන්නකො මේ banner එක හොදද කියල.

ඒක හිතට ඇල්ලුවනම් පහත කියල තියන විදියට දාගන්න පුලුවන්.

01. Design > Add A Gadget > Html/Javascript
02.02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න





03. දැන් save කරන්න.





ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!.







Saturday, 24 December 2011

බ්ලොගයට එන අයට නත්තලට සුභපතන්න ලේසි ක්‍රමයක්





මුලින්ම කියන්න්න ඕනා මම මේ වගේ post එකක් දාන්න හිටියෙ december මාසය පටන් ගන්න දවස් වලමයි ඒත් මගෙ router එක කැඩුනු නිසාමට ඒක කරගන්න බැරි උනා, ඉතිං මම ඒ ගැන මගේ බලවත් කනගාටුව ප්‍රකාශකර සිටිනවා :) අද තමා මට router එක හම්බවුනේ,  දැන් මේක දීලා වැඩක් වෙයිද මන්දා කමක් නෑ මේක එච්චර අමාරු වැඩක් නෙමේනෙ ඒක නිසා ඔයාලට කැමතිනම් මේක අදම ඔයාලගෙ blog එකට දාගන්න පුලුවන් එහෙනම් අපි වැඩෙ පටන් ගමු.

නත්තලට සුබපතන්න ලේසි ක්‍රමයක් කිව්වට තාම දන්නෙ නෑනෙ මොකක්ද මේ කරන්න යන්නෙ කියල එහෙනම් ඔය පහලින් දීල තියන link එකෙන් ගිහින් ඉස්සල්ලම බලන්නකො මොකක්ද දාන්න යන්නෙ කියල ඒකෙ දකුණු පැත්තෙ උඩම අති banner එකක් ඒක තමා දාන්න යන්නෙ ඉතින් ඔයාලට ඒක හිතට  ඇල්ලුවනම් දාගන්න විදිය පහත කියල තියනවා.

මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්.

01. Design > Add A Gadget > Html/Javascript

02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න



03.දැන් save කරන්න එච්චරයි

ඒ වගේම blog එකට එන අයට සුබ පතන්න මම කලින් දාපු

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්න 

post එකත් උපකාර කරගන්න පුලුවන් වෙයි. 


  
ඔබ සියලු දෙනාටම මමත් සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්තනා කරනවා.

Sunday, 24 July 2011

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්නෙ මෙහෙමයි.




ඔන්න මම අද ගෙනාවේ ඔබේ blog එකට ඔය උඩින් දාලා තියන පිංතූරයේ ආකාරයට cursor  එක  පසුපසින් එන විදියට ඔබ කැමති අකුරු ටිකක් දා න විදිය ගැනයි. කිව්ව එක තේරුනාද දන්නෙත් නෑ post එක ඔක්කොම කියවන්නකෝ එතකොට තේරුම් ගන්න පුලුවන්.

මේකත් එච්චර අමාරු වැඩක් නෙමේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම blogger home page එකට යන්න ඊට පස්සෙ Desing tab එකට යන්න ඒකෙ Page Elements tab එකේ දකුනූ පැත්තෙ තියන Add a Gadget මත click කරන්න එතකොට මතුවෙන window එකේ HTML/JavaScript මත click කරන්න එතකොට පහත ආකාරයේ window එකක් එනවා.



 ඒකේ Content කියන text box ඒකට මම post එක යටින්ම දීලා තියන code එක  paste කරන්න දැන් ඒක save කරන්න. ඊට පස්සෙ Desing tab එකේ දකුනු පැත්තෙ උඩ තියන save button එකත් click කරන්න. දැන් blog  එකට ගිහින් බලන්න දීපු අකුරු ටික cursor එක පස්සෙන් ඒවි.

Code එකේ your text here කියන තැනට ඔයාට කැමති අකුරු ටික දාගන්න පුලුවන් දාගන්න පුලුවන්.


පිංතූරය පැහදිලි නැත්නම් click කරලා බලන්න.


Code එක මෙතන දාන එක හරිගියෙ නෑ ඒ නිසා දැනට text file එකක දාලා mediafire එකට upload කලා ඒ ක පහත link එකෙන් ගන්න.

http://www.mediafire.com/?92ibud65pb6imxf
(මේක හරියන්නෙ නෑ කියලා comment තිබ්බ නිසා පහලින් තව code එකක් දැම්මා ඒක දාගන්න,
 දාල බලල ඒක හරියන්නෙ නැති අය මේක දාගන්න, මේක හරියන්නෙ නැති අය ඒක දාගන්න)


ප.ලි.
මේ post එකට දාල තිබුන ගොඩක් ප්‍රතිචාර වලින් පෙනුනෙ මේක හරි ආකාරව වැඩ නොකරන බවයි.
මම මේක කිහිප වරක්ම නිවැරදි කලත් අදහස් දැක්වපු අය ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මම හිතුවෙ දැන් හරි ඇති කියල.

මොකටත් මම වෙන blog එකක් හදල code එක දාල බැලුවා ඒකට හරියට වැඩ කරන්නෙ නෑ තමා text එක ගොඩක් පස්සෙන් එන නිසා ඒක පේන්නෙ නෑ. හැබැයි ඔය දීල තියන code එක මගෙ blog එකටනම් හොදට වැඩ කරනව සමහර විට මම දාල තියන template එක නිසා වෙන්න ඇති.

දැන් ඒක හරිගැස්සුවා. මෙතනින් ගිහින්  බලන්න වෙනම blog එකක් හදල අලුත් code එක දාල තියනවා හොදට වැඩ කරනව.

මෙන්න පහලින් තියනව හරිගස්සපු code එක මේක දාගෙන බලන්න. බලල හරි ගියාද කියල කියන්නත් අමතක කරන්න එපා.


 ඒ වගේම මෙයින් ඔබට සිදුවූ අපහසුතාවය ගැනත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.
 
powered by Blogger