Showing posts with label windows xp ලස්සන කරමු. Show all posts
Showing posts with label windows xp ලස්සන කරමු. Show all posts

Friday, 11 March 2011

windows xp වල icon මාරු කරගන්න විදිය.





අදත් මම මේ post එකෙන් කියන්න හදන්නේ කලින් post එකෙන් කිවුවා වගේම එකක් ඒතමා windows xp වල මුහුනණුවර වෙනස් කරන ක්‍රමයක්.

මම මේකෙන් කියන්නේ windows xp වල වල icon වලට windows vista වල icons replace කරගන්න විදිය. ඔයාලා මේකත් එක එක softwares පාවිච්චි කරලා කරලා බලලා අති ඒත් එහෙම එක එක softwares දාපුවාහම computer එක පොඩ්ඩක් හරි slow වෙන්න බලපානවානේ. මේ ක්‍රමය කලාම පොඩ්ඩක්වත් computer එක slow වෙන්නෙ නෑ. මොකද කියුවොත් වෙනත් software පාවිච්චි කරන්නෙ නෑ.  මේකෙන් කරනනෙ windows xp වල icon අඩංගු (shell32.dll) file එක replace කරන එකයි.

ඒක system file එකක් නිසා නිකම්ම copy කරලා paste කලාට replace කරන්න බෑ,  ඒකට වෙනම ක්‍රමයක් තියනවා ඒ ක්‍රමය පාවිච්චි කරලා අර  file එක replace කරගෙන icon මාරු කරගන්න විදිය තමා මම කියන්න යන්නේ ඒත් මේක 100% ක්ම සාර්තක නෑ ඒ කියන්නේ ඔක්කෝම icon මාරුවෙන්නෙ නෑ. ඒත් ගොඩක් icon මාරු වෙනවා ඒක නිසා මේක මටනම් සර්ථක උනා ඔයාලත් කරලා බලන්න.

පියවර 01 :- මුලින්න පහතින් දීලා තියන ගොනු දෙකම බාගන්න.
I.                    file එක replace කරන්න ගන්න software එක.
II.                 Replace කරන vista icons අඩංගු dll  file එක(මේක DOS වලින් හදපු එකක්)

පියවර 02 :- ඊට පස්සේ C:\WINDOWS\system32 වල තියන shell32.dll   file එක හොයාගන්න (windows                  folder එක අස්සට ගිහින් keyboard එකේ S ඔබලා හොයලා බලන්න)

පියවර 03 :- ඊට පස්සේ අර DOS වලින් තියන පොඩි software එක Open කරගන්න ඊටපස්සේ            C:\WINDOWS\system32 අස්සේ තියන shell32.dll   file එක එම dos window එක තුලට ඇදලා දාලා enter කරන්න එතකොට ඉල්ලනවා replace කරන්න ඕනා file එක එතකොට අර download කරගත්ත shell32.dll එක ඒ window එකට ඇදලා දාන්න ඊලගට y කී එක ඔබල enter කරන්න එතකොට file එක replace වෙනවා වැඩේ ඉවර උනාට පස්සේ press any key to quit කියලා පෙන්නයි එතකොට මොකක් හරි key එකක් ඔබපුවාම හරි.

පියවර 04 :-  දැන් file එක replace කරලා ඉවරයි දැන් ඉතින් computer එක restart කරලා බලන්න වැඩේ ගොඩ.

මම යටින් slideshow එකක screenshot ටිකකුත් දැම්මා එකත් බලන්න තවත් පැහැදිලි වෙයි.
 ඔයාලට හිතෙන්නේ screenshot ටික slideshow එකක දාන එක හොදද, නැත්තම් නිකම්ම දාන එකද හොද මමනම් හිතන්නේ slideshow එකක දාන එක හොද අති කියලා ඔයාලට හොද එකත් කියලා comment එකක් දාන්න එතකොට මම ඊලග පාර ඒ විදියට screenshot ටික දාන්නම්.







Sunday, 27 February 2011

windows xp login screen එකට 7 මුහුනුවරක්.






මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ windows xp තුල අති welcome screen එක වෙනස් කරන විදියක් , ඒ කියුවේ xp තුල අති welcome screen එක වෙනුවට windows 7 welcome screen දාන්න විදියයි.
මේ වැඩේ tuneup වගේ software වලින් ඔයාල කරලා බලලා ඇති. ඒත් මම අද ඔයාලාට කියන්න යන්නේ මේ වැඩේ ඊට වැඩිය ලේසියෙන් කරන්න පුලුවන් ඊට වැඩිය සාර්තක විදියක්. ඒ සදහා වෙනත් software අධාර කරගැනීම අවශ්‍ය වෙන්නෙ නෑ.  ඕනකරන්නේ පහත දීලා තියන file එක විතරයි.   ඒක 2.7mb නිසා ඕනෑ කෙනෙකුට ලේසියෙන්ම download කරගන්න පුලුවන් එහෙනම් ඉතින් පහත පියවර අනුගමනය කරලා වැඩේ ලේසියෙන්ම කරගන්න පුලුවන්.

පියවර 01 :-          මුලින්ම මේ link එකෙන් දීලා තියන zip file එක download කරගෙන unzip කරගන්න.
පියවර 02 :-          C:\WINDOWS\Resources එක අතුලේ logon නමින් folder එකක් හදාගන්න.
පියවර 03 :-          ඔයාගේ තිරය widescreen නම් WideScreen යන folderඑක තුල අති files හෝ , ඔයාගේ තිරය සමාන්‍ය තිරයක් නම් Normal Screen යන folderඑක තුල අති files ටික copy කරගෙන අර C:\WINDOWS\Resources එක අතුලේ හදාගත්ත logon folder එක ඇතුලට paste කරගන්න.

පියවර 04 :-          දැන් ඉතින් අර හදාගත්ත logon folder එක අතුලේ තියනවනේ setup.reg කියලා එකක් ඒකට double click කරන්න ඊට පස්සේ yes කරලා Ok කරන්න

පියවර 04 :-          දැන් ඉතින් computer එක restart කරලා බලන්නකෝ, restart කරන්නම ඕනා නෑ Log off කලත් ඇති.
ආයේ welcome screen එක අයින් කරගන්න ඕනෑනම් C:\WINDOWS\Resources එක අතුලේ හදාගත්ත logon folder එකේ තියන restore.reg එකෙන් පුලුවන්
එහෙනම් වැඩේ පැහැදිලිනේ මොකක් හරි problem එකක් එහෙම තියනවානම් comment එකක් දාන්න.
 
powered by Blogger