Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Saturday, 27 October 2012

ඔබ නිතර භාවිතා කරන folders, Windows සහ Office වල open/save dialogs box එකට එකතු කරගන්න


Windows සහ Office වල open/save dialogs box වල පැත්තෙන් තියන folders වෙනුවට අපිට කැමති වෙනත් folders එකතු කරගැනීමට අවස්ථාවක් සපයල නෑ.
ඉතින් මම අද දෙන්න යන්නෙ එතන තියන අපිට වැඩකට නැති folders වෙනුවට අපි නිතර භාවිතා කරන folders  එකතු කරගන්න පුළුවන් විදියෙ software එකක්.

ඉස්සල්ලම කියන්න ඕන මේකෙ කියල තියන විදියට මේක සහය දක්වන්නෙ මෙන්න මේවටයි.
  • Windows 2000/XP/ME/Vista
  • Microsoft Office 2000/XP/2003/2007
හරි ඔබත් මේවයින් එකක් හෝ භාවිතා කරනවනම් ඔබටත් පුළුවන් මේ වැඩේ කරල බලන්න.
01. ඉස්සල්ලම මේ link එකෙන් ගිහින් Melloware Placesbar Editor කියන එක download කරගන්න.
http://melloware.com/placesbar/  (0.98MB විතර තමා වෙන්නෙ)

02. zip file එකක් තමා download වෙන්නෙ ඒක extract කරගෙන සාමා‍න්‍ය පරිදි install කරගන්න.

03. දැන් මේ වගේ එකක් එයි

ඕකෙ Windows tab එක යටතෙ windows වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගන්න පුළුවන් ඒ සදහා අදාළ folder එක ඉදිරියෙන් ඇති custom මත Tick කර අවශ්‍ය folder එකක් තෝරගන්න.

04. අවසානයේ save මත click කරන්න. දැන් ඔබට අවශ්‍ය පරිදි සැකසී ඇද්දැයි පරීක්ෂා කරගැනීමට test මත click කරන්න.


  • office වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගැනීම සදහා පහත පරිදි  Add 5 more custom places to the Office 2000/XP/2003/2007 PlacesBar සදහා tick කර පෙර පරිදිම සැකසුම් කර save කරන්න.


මෙන්න අවසාන ප්‍රතිඵලය
Windows වල

--------------------------------------------------------------------------------------
office වල




මම හිතනව මේ post එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල. එහෙම උනානම් කියල යන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අපි තවත් post එකකින් හමුවෙමු.
ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් comment කරන්න.





Thursday, 20 September 2012

කොච්චර download කලාද කොච්චර upload කලාද දැනගන්න.



ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ   ඒක බලාගන්න පුලුවන් software එකක්.

හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ,  ඒ කියන්නෙ අනිවාරෙන් දාන්න වෙන්නෙ ක්‍රැක් එකක් කියන එකනෙ . ක්‍රැක් වල තත්වය මම ඉතිං අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නෑනෙ. ඒක ඔයාල දන්නවා.
ඉතිං ඔය නිසා තමා මම ඔයාලට හැමදාම Free දෙන උසස් තත්වයේ Softwares ම විතරක් දෙන්නෙ. මම කවදාවත් මේ blog එකේ ඔයාලට ක්‍රැක් දීල නැත්තෙත් අන්න ඒ හේතුව නිසයි. මේක
Free දෙන එකක් උනාට මේකෙ ගොඩක් පහසුකම් තියනවා නම තමා ඔය පහල තියෙන්නෙ.

NetWorx NetWorx


මම පාවිච්චි කරන්නෙත් ඔය software එකම තමා ඔය උඩ දාල තියන screenshot  එකෙ තියෙන්නෙ මගේ අන්තර්ජාල භාවිතයේ තරම තමා , දැන් පැහැදිලිනෙ මාත් ඕකම පාවිච්චි කරනව කියල.

 මේකෙන් බලන්න පුලුවන් මාසෙක download/upload කරපු ප්‍රමාන විතරක් නෙමේ  මේ දක්වා කරපු සියලුම ප්‍රමානයන්,මාසෙක,සතියක,දවසක සහ ඕනෙනම් එක් එක් පැයට  භාවිතා කල ප්‍රමානයන්ද, විශ්ලේශනය කරලා පෙන්නනවා. තව මේ මොහොතේ download speed එක upload speed එක වැනි තවත් බොහෝ දෑ දැනගැනීමේ පහසුකම් මේ software එකේ තියනවා

ඉතිං විස්තර ඇති ඔයාලත් අරගෙනම බලන්න.
පහල තියන link එකෙන්

http://www.softperfect.com/products/networx/ ඕකෙ යටම වම් පැත්තෙ ඇති download කරන්න link එක.




 මේ screenshot එක දැම්මෙ speed පෙන්නන ආකාරය බලාගන්නයි.





මේකෙ data usage report එක back up කරන විදිය  restore කරන විදිය පහල පිංතූරෙන් බලාගන්න පුලුවන්.




Tuesday, 28 August 2012

Windows Explorer තුලදිත් Tab සමග වැඩ කරමු.

------------------------------------------------------------------------------------------------------------
ඇයි? සෑහෙන කාලයකින් අලුත් පොස්ට් තිබ්බෙ නැත්තෙ.
ගොඩක් කාලෙකින් Blog එකට post එකක් දාන්න ලැබුනෙ. මම හිතන්නෙ දැන් මාස 04කින් විතර තමා මේ post එක දාන්න ලැබුනෙත්. දාන්න ගොඩක් දේවල් තිබ්බත් exam වැඩ කටයුතු නිසා ඒව එකක්වත් දාන බැරි උනා :-)  . ඒ කාලෙ ඇතුලත කිසිම post එකක් ඔයාල වෙනුවෙන් දෙන්න බැරි උන එක ගන මුලින්ම මගෙ කණගාටුව ප්‍රකාශ කරනව :(  
දැන් exam ඉවර නිසා දිගටම අලුතින් post දානවා සමහර විට කලින් දැම්මටත් වඩා වැඩිපුර දාන්න උත්සහ කරනවා. ඒ නිසා නැවතත් මේ blog එක සමග එකතු වෙන ලෙස මම සියලුම දෙනාට ආරධනා කරනවා.
------------------------------------------------------------------------------------------------------------


හරි අපි දැන් බලමු මොකද්ද මේ කිව්ව tab කතාව කියල. අපි සාමාන්‍යන් දවසෙ වැඩි හරියක් ගත කරන්නෙ අන්තර්ජාලයෙ නිසා අපි හැමෝටම Windows Explorer වලට වඩා අපි නිතර භාවිතා කරන web browser එක පුරුදු වෙලා ඒ වගේම web browser එක තුල tab භාවිතා කරීම මගින් අපේ වැඩ වලට තියන පහසුව මම අලුතින් කියන්න ඕන නෑනෙ.

ඉතින් මම මේ දැන් දෙන්න යන්නෙ Windows Explorer තුලදිත් tab පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන software එකක්.
මේකෙ tab සහ bookmarks සැකසිල තියෙන්නෙ Google Chrome වල පෙනුමටමයි ඉතින් ගොඩක් අය ඒකටත් කැමති වෙයි.

මේකෙ නම කියන්න බැරි උනානෙ මේකෙ නම තමා Clover.
ඔය පහළින් දාල තියෙන්න screenshot එක බලන්නකො


පිංතූරය පැහැදිලි නැත්තම් පිංතූරය උඩ click කරන්න


මෙන්න link එක Download

ඉතිං මේකෙන් ඔයාලට වැඩක් උනා කියල හිතෙනවනම් comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
එහෙනම් තවත් post එකකින් ලගදිම හමුවෙමු.

Tuesday, 25 October 2011

Vidudaya English-Sinhala Pop up Dictionary.


ඔන්න මම අද ගෙනාවේ English තේරුම සිංහලෙන් දැනගන්න පුලුවන් software එකක්.මේ කියන්නේ අපි කවුරුත් දන්න මධුර dictionary එක ගැන නෙමේ. මේක දාගත්තාම තියන වාසිය තමා අපිට පරිගණකය තුල හමුවෙන ඕනෑම English word එකක් select කල සැනින්ම ඊට අදාල සිංහල තේරුම බලාගන්න පුලුවන් වීම.

සමහර විට ඔයාල මේ වගේ එකක් පාවිච්චි කරනවා ඇති web browser එකේ plugin එකක් විදියට ඒත් ඒකෙන් තේරුම දැනගන්න පුලුවන්කම ලැබෙන්නේ web browser එක ඇතුලත තියන වචන වල තේරුම විතරයි. මේකෙ තියන වාසිය ඕනෑම තැනක තියන වචනයක තේරුම බලාගන්න පුලුවන් වීමයි. ඉතින් කෝකටත් web browser වලට දාන්න තියන plugin එක ගැනත් මම ඊලග  post එකෙන් දාන්නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මටත් මේක හම්බවුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ තිබිලා මේ link එකෙන්.
කොහොම උනත් මේ software එකෙන් ප්‍රයෝයනයක් තියනවා කියල හිතුනු නිසා තමයි මම මේ ගැනත් post එකක් දාන්න හිතුවේ.

එහෙනම් මෙතනින් download කරගන්න පුලුවන්.

ඕක install කරගත්තාම task pane එකට එනවා “සි” අකුරක රතුපාට icon එකක් English word එකක් select කලාම ඒකෙ තේරුම ඒ icon එකට පොඩි කොටුවක පෙන්නනවා.


Sunday, 31 July 2011

Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද.




ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ  ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.

ඔන්න එහෙනම් අපි දැන් වැඩේට බහිමු.

මුලින්ම මේ දීලා තියන link එකෙන් ගිහින් software එක download කරගන්න.(21 KB)
http://www.mediafire.com/?38135dz5rwyf6k7

හරි දැන් ඒක download කරගත්තානෙ ඒක zip කරලා නේද තියෙන්නේ එහෙනම් ඒක extract කරගන්න.

දැන් back.exe කියලා file එකක් එයි ඒ file එක copy කරගන්න.

ඊට පස්සෙ ඔයාට background එක වෙනස් කරන්න ඕනා කරන  folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ ඔය back.exe කියන file එක paste කරන්න.

හරි දැන් ඔය back.exe එක Open කරන්න එතකොට එනවා පහත ආකාරයේ window එකක්

ඕක දැන් Next > කරන්න.



ඊට පස්සේ මේ විදියෙ එකක් එනවා ඒකෙ modify background picture and filename appearance කියන එකට tick එක දාලා Next > කරන්න.



දැන් මේ විදියෙ එකක් එනවා ඕකෙ
(01) Browse වලින් background එකට දෙන්න ඕන කරන image එක තෝරන්න,
(02) text කියන තැන text colour එකත්,
(03) background කියන තැන text එකේ background colour එකත් තෝරලා
Next > කරන්න.




ඔන්න ආවා අන්තිම එක ඕකෙ Finish මත click කරන්න.




දැන් වැඩේ හරි දැන් Refresh කරලා බලන්න Background එකට තෝරපු image එම ඇවිත් ඇති. ඔච්චරයි

මම හිතනවා ඕයාලට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා දැන් ඔයාලා මේක කියෙව්වානෙ 
ඉතිං ඔයාලට හිතෙන දෙයක්   comment වල දාලා යන්න.
කැමතිනම් විතරක් follow කරගෙනම යන්න.
එහෙනම් තවත් මෙවැනිම post එකකින් හමුවෙමු.


Wednesday, 29 June 2011

Photo එකක් text එකක් බවට පත් කරමු.





ඔයාල දැකල ඇතිනෙ  ගොඩක් අය facebook එකේ එහෙම text වලින් එක එක රූප රටා දාලා තියනවා. සමහර අයටනම් ඕවා දැක්කාම magik වගේ….  ඒත් ඔයාලටනම් එහෙම වෙන්නෙ නෑ. ඕවා හදාගන්න එක ඒතරම් ලොකු වැඩක් නෙමේ කරන්න තියෙන්නෙ මුලින්ම මෙතනින් ගිහින් මම දීලා තියන software  එක download කරගන්න

හරි දැන් ඒක zip කරලනෙ තියෙන්නෙ දැන් ඒක extract කරගෙන open කරගන්න.




දැන් resolution එකට කැමති අගයක් දීලා ඊට එහා පැත්තෙන් තියන කොටුවට text එක විදියට convert වෙන්න ඕන අකුරු ටික දෙන්න(ඕකෙ තියන අකුරු ටිකම තිබ්බානම් තමා වැඩේ ගොඩක් සාර්තක).

දැන් Open Image මත click කරලා convert කිරීමට අවශ්‍ය Image එක තෝරන්න.

හරි දැන් Convert මත click කරලා තෝරගත්ත Image එක text එකක් බවට  හරවාගන්න පුලුවන්.
දැන් ඔය text එක Clear මගින් මැකා දැමීමටතත් Copy Text මගින් text එක Copy කරගැනීමටත් Save Text මගින් Save කරගැනීමටත් පුලුවන්.

ඊට පස්සෙ ඔය text එක copy කරලා ඔයාලට ඕනා තැනකට දාගන්න පුලුවන්. ඔන්න එහෙනම් දැන් වැඩේ කරගන්න  විදිය පැහැදිලිනෙ. 


Monday, 20 June 2011

පරිගණක තිරය මත රිය පැදවීම.





ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Gadget එකක් මේකෙන් ඔයාලට වැඩි ප්‍රයෝයනයක් නෑ කියලා හිතෙන්නත් පුලුවන් ඒත් මේක දාලා බලන්න විනෝදෙට කරලා බලන්න හොදයි.

මේකයි මේ Gadget එක මේක  install කරගත්තාහාම screen එකට එනවා පොඩි කාර් එකක් මේක ඉතින් arrow keys වලින් screen එකේ එහාට මෙහාට එලවන්න පුලුවන් පාට මාරු කරගන්න, දොරවල් අරින්න, ලයිට් දාන්න වගේ තව ගොඩක් ඒවා තියනවා ඔය කාර් එකේ. ඉතින් ඕක ගැන මම කියලා වැඩක් නෑ ඔයාලට පුලුවන් පහල දීලා තියන link එකෙන් ගිහින් download කරගෙනම බලන්න.

iRod 3d Desktop Toy (4.75MB)



Tuesday, 31 May 2011

නිතර ඕන වෙන දේවල් අත ලගින් තියාගන්න.




නිතර ඕන වෙන දේවල් කියලා කිව්වෙ නිතර  ඕනවෙන software වල shortcut වලටයි. සාමාන්‍යන් අපි shortcuts දාගන්නේ desktop එකටනෙ, ඒ හරුනු කොට නිතරම ඕනවෙන ඒවා දාගන්නේ  Quick Launch එකට මම හරිනෙ.

ඒත් මම කියන්නේ නිතර ඕනවෙන shortcuts  Quick Launch එකට දාගන්න එක ගැන නෙමේ. මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට වෙනමම software එකක්.

Quick Launch එකට දානවාට වඩා මේකට shortcuts දාගන්න එක ලේසී. මොකද  මේකට shortcuts ගොඩාක් දාගන්නත් පුලුවන්, දාගත්ත shortcuts   ඕනෑ තැනක ඉදලා open කරගන්නත් පුලුවන්,  මේකෙ Quick Launch එකට වඩා පෙනුමකුත් තියනවා ඉතින් මේක ගැන මම කියල වැඩක් නෑ ඔයාලාත් මේක දාලම බලන්න එතකොට තේරෙයි වෙනස.



^ ^මෙතනින් ගන්න(පිංතූරය උඩ කොටලා) ^ ^

Tuesday, 24 May 2011

ඕන media file එකක් ඕන media format එකකට convert කරගන්න.



මේ software එක ගැනනම් ගොඩක් අය දන්නවාත් ඇති. ඒත් මම මේ software එක ගැන කියන්නෙ මේ converter එක ගැන දන්නේ නැති අය ඉන්නවානම්  ඒ අයටත් දැනගන්නයි. මේ converter එකේ නම තමා format factory.  අනික් එක තමා මේ converter එක අනෙක් converter වලට සාපේක්ෂව Speed එක තරමක් අඩු පරිගනක වලදී පවා හොදින් වැඩ කරනවා.

මේ converter එක ගැන ඔයාලට පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන එකක් නෑ මොකද මේක ඕන කෙනෙක්ට දැක්ක ගමන් තේරුම් ගන්න පුලුවන් වැඩේ කරගන්න විදිය.
මේක නිකම්ම තමා අපිට ලැබෙන්නේ එහෙනම් පහත තියන link එකෙන් ගිහින් අලුත්ම version එක download කරගන්න  http://www.formatoz.com/


Sunday, 27 March 2011

desktop එකේ background එකට video එකක් දාමු.





ඔන්න අද කියන්න යන්නේ desktop එකේ background එකට video එකක් දාන විදිය. කරන්න තියෙන්නේ මේකයි. මේ වැඩේට ඕනා කරන්නේ vlc media player එක ගොඩක් අය මේ media player එක පාවිච්චි කලත් මේකෙන් desktop එකේ background එකට video එකක් දාගන්න විදිය දන්නේ නෑ. vlc player එක නැත්තම් මෙතනින් ගන්න.
 

මුලින්ම vlc media player එක open කරලා video එකක් play කරන්න.

ඊට පස්සෙ video එක උඩ right click කරපුවාම එන menu එකේ තියනවා video කියලා sub menu එකක් ඒකේ තියනවා DirectX Wallpaper කියලා එකක් ඒකට click කරන්න එතකොට play කරපු video එක desktop එකේ background එකට එනවා ඊටපස්සේ vlc player එක minimize කරලා දාන්න. 

Sunday, 20 February 2011

තමන්ගේ files web එකේ backup කිරීම







මම අද මේ post එකෙන් කියලා දෙන්න යන්නේ අපේ files web එකේ backup  කරන විදියක් ගැන. මමත් මේ ක්‍රමය පචිච්චි කරනවා කිසි කරදරයක් නැතිව files ටික backup කරගන්න පුලුවන්. අත්තටම මේක සාර්ථක ක්‍රමයක්.


ඒත් මෙහෙම කියනකොට ඔයාලට හිතෙන්න පුලුවන් CD එකක backup කරගන්න පුලුවන්නෙ කියලා කරගන්න පුලුවන්නම් ඒකත් හොදයි තමා ඒත් ඒක ප්‍රායෝගිකව කෙරෙන්නෙ නෑනෙ backup කරන්න තියෙන්නේ පොඩි file එකක්නම් තව file ටිකක් එකතු උනාම කරනවා කියලා ඉන්නවා මේ අතරතුරේදී අර files ටික මොනාහරි වෙලා මැකුනොත් නම් ඉතින් sorry තමා.

මේ ක්‍රමයේ නම් එහෙම නෑ තියෙන්නෙ පොඩි file එකක් උනත් කම්මැලි නැතුව සැරින් සැරේට හරි backup කරගන්න පුලුවන්. එහෙම ලේසියෙන්ම backup කරගන්න මේකෙ තියන විශේශත්වය තමා backup කරන්නෙ web එකේ උනාට  මේ ඔක්කොම software එකක් මගින් ඉතා පහසුවෙන් කරන්න පුලුවන්කම තියන එක හරියට folder එකකින් folder එකකට copy කරනවා වගේ තමයි backup කරගන්න තියෙන්නෙ. මේකෙ නම තමයි dropbox වැඩේ හරිම ලේසියි අපි එහෙනම් කරලම බලමු.


පියවර 01 -           මුලින්ම මේ link එකෙන් dropbox වෙබ් අඩවියට යන්න. ගිහින් ඒකෙ register වෙන්න එතකොට ඒ site එකෙන් දෙනවා පොඩි setup file එකක් ඒක download කරගන්න.

පියවර 02 -           ඊට පස්සෙ අර download කරගත්ත dropbox setup file එක install කරගන්න. Install කලාට පස්සෙ ඔයාට dropbox එකේ account එකක් නැත්තම් අලුතින් එකක් හදාගන්න අහයි. ඒත් දැන් account එකක් හදා ගත්තනෙ ඒක නිසා ඒ account එකෙන් log වෙන්න .

පියවර 03 -           ඊට පස්සෙ my documents වලට යන්න ඒකෙ ඇති Dropbox කියලා folder එකක් ඒක open කරලා ඔයාට backup කරගන්න ඕනා files ටික copy කරගෙන ඇවිත් මේ folder එක එක ඇතුලේ paste කරන්න ඒ folder එකට paste කරන ඔක්කොම ‍files web එකේ upload වෙනවා.අයෙ ඒකෙන් files ගන්නෙත් එහෙමම තමා. අවශයනම් folder එක ඇතුලෙ තව folders උනත් හදාගන්න පුලුවන්.



සැලකිය යුතුයි :-file එකක් මේකට past කරපු ගමන්ම ඒ file එක upload වෙන්නෙ නැහැ file එකේ සයිස් එක අනුව upload වෙන්න යන කාලය වෙනස් වෙනවා.


යම් හේතුවකින් ඔයා computer එක format කරලා මේ My Documents ඇතුලේ තියන Dropbox folder එක නැති උනොත් එතකොට කරන්න තියෙන්නෙ ආයෙමත් අර dropbox එකෙන් දෙන software එක install කරලා කලින් හදපු account එකෙන්ම log වෙන එක. එතකොට අර කලින් දාපු files ටික ඔක්කෝම අර folder එක අස්සෙ තියනවා.




 
powered by Blogger