Wednesday 29 June 2011

Photo එකක් text එකක් බවට පත් කරමු.





ඔයාල දැකල ඇතිනෙ  ගොඩක් අය facebook එකේ එහෙම text වලින් එක එක රූප රටා දාලා තියනවා. සමහර අයටනම් ඕවා දැක්කාම magik වගේ….  ඒත් ඔයාලටනම් එහෙම වෙන්නෙ නෑ. ඕවා හදාගන්න එක ඒතරම් ලොකු වැඩක් නෙමේ කරන්න තියෙන්නෙ මුලින්ම මෙතනින් ගිහින් මම දීලා තියන software  එක download කරගන්න

හරි දැන් ඒක zip කරලනෙ තියෙන්නෙ දැන් ඒක extract කරගෙන open කරගන්න.




දැන් resolution එකට කැමති අගයක් දීලා ඊට එහා පැත්තෙන් තියන කොටුවට text එක විදියට convert වෙන්න ඕන අකුරු ටික දෙන්න(ඕකෙ තියන අකුරු ටිකම තිබ්බානම් තමා වැඩේ ගොඩක් සාර්තක).

දැන් Open Image මත click කරලා convert කිරීමට අවශ්‍ය Image එක තෝරන්න.

හරි දැන් Convert මත click කරලා තෝරගත්ත Image එක text එකක් බවට  හරවාගන්න පුලුවන්.
දැන් ඔය text එක Clear මගින් මැකා දැමීමටතත් Copy Text මගින් text එක Copy කරගැනීමටත් Save Text මගින් Save කරගැනීමටත් පුලුවන්.

ඊට පස්සෙ ඔය text එක copy කරලා ඔයාලට ඕනා තැනකට දාගන්න පුලුවන්. ඔන්න එහෙනම් දැන් වැඩේ කරගන්න  විදිය පැහැදිලිනෙ. 


Monday 27 June 2011

විනාඩි 10 යේ තාවකාලික Email ගිණුම්



වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී අපෙන් email address එකක් ඉල්ලනවානෙ. ඉතින් ඔය registrar වෙන හැම එකකටම අපේ ඇත්ත Email address එක දුන්නම කරදරයිනෙ.  වෙනමම Email address එකක් හදන් හිටියත් ඒකෙ තියන කරදරෙත් දන්නවානෙ ඉතින් ඕකට තියන හොදම විසදුම තමා තාවකාලික Email එකක් හදාගන්න එක මමත් සමහර web site වල  registrar වෙනකොට පාවිචිචි කරන්නෙ මේක තමා,

මුලින්ම 10minutemail.com වෙත යන්න එතකොට එතන පෙන්නනවා තාවකලික Email address එක.

ඒක දීලා ඕනකරන වෙබ් අඩවියක ලියාපදිංචි වෙන්න පුලුවන්.

ඒ වෙබ් අඩවි වලින් එවන verify email බලාගන්නත් පුලුවන්.

විනාඩි 10යි කිව්වට ඊට  වැඩි කාලයකුත් ඉල්ලලා තියාගන්න පුලුවන් හැබයි මේක හැමදාම තියාගන්න බෑ තාවකාලිකව තමා.

එහෙනම් ඕන වුන වෙලාවක කරලා බලන්නකෝ…


Monday 20 June 2011

පරිගණක තිරය මත රිය පැදවීම.





ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Gadget එකක් මේකෙන් ඔයාලට වැඩි ප්‍රයෝයනයක් නෑ කියලා හිතෙන්නත් පුලුවන් ඒත් මේක දාලා බලන්න විනෝදෙට කරලා බලන්න හොදයි.

මේකයි මේ Gadget එක මේක  install කරගත්තාහාම screen එකට එනවා පොඩි කාර් එකක් මේක ඉතින් arrow keys වලින් screen එකේ එහාට මෙහාට එලවන්න පුලුවන් පාට මාරු කරගන්න, දොරවල් අරින්න, ලයිට් දාන්න වගේ තව ගොඩක් ඒවා තියනවා ඔය කාර් එකේ. ඉතින් ඕක ගැන මම කියලා වැඩක් නෑ ඔයාලට පුලුවන් පහල දීලා තියන link එකෙන් ගිහින් download කරගෙනම බලන්න.

iRod 3d Desktop Toy (4.75MB)



ඔබේ ගැටලුත් එවන්න

ඔබට පරිගනක ආග්‍රිතව ඇති ඕනෑම ගටලුවක් මෙම ෆෝරමය මගින් එවිය හැක. 
foxyform.com
 
powered by Blogger