Saturday 27 October 2012

ඔබ නිතර භාවිතා කරන folders, Windows සහ Office වල open/save dialogs box එකට එකතු කරගන්න


Windows සහ Office වල open/save dialogs box වල පැත්තෙන් තියන folders වෙනුවට අපිට කැමති වෙනත් folders එකතු කරගැනීමට අවස්ථාවක් සපයල නෑ.
ඉතින් මම අද දෙන්න යන්නෙ එතන තියන අපිට වැඩකට නැති folders වෙනුවට අපි නිතර භාවිතා කරන folders  එකතු කරගන්න පුළුවන් විදියෙ software එකක්.

ඉස්සල්ලම කියන්න ඕන මේකෙ කියල තියන විදියට මේක සහය දක්වන්නෙ මෙන්න මේවටයි.
  • Windows 2000/XP/ME/Vista
  • Microsoft Office 2000/XP/2003/2007
හරි ඔබත් මේවයින් එකක් හෝ භාවිතා කරනවනම් ඔබටත් පුළුවන් මේ වැඩේ කරල බලන්න.
01. ඉස්සල්ලම මේ link එකෙන් ගිහින් Melloware Placesbar Editor කියන එක download කරගන්න.
http://melloware.com/placesbar/  (0.98MB විතර තමා වෙන්නෙ)

02. zip file එකක් තමා download වෙන්නෙ ඒක extract කරගෙන සාමා‍න්‍ය පරිදි install කරගන්න.

03. දැන් මේ වගේ එකක් එයි

ඕකෙ Windows tab එක යටතෙ windows වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගන්න පුළුවන් ඒ සදහා අදාළ folder එක ඉදිරියෙන් ඇති custom මත Tick කර අවශ්‍ය folder එකක් තෝරගන්න.

04. අවසානයේ save මත click කරන්න. දැන් ඔබට අවශ්‍ය පරිදි සැකසී ඇද්දැයි පරීක්ෂා කරගැනීමට test මත click කරන්න.


  • office වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගැනීම සදහා පහත පරිදි  Add 5 more custom places to the Office 2000/XP/2003/2007 PlacesBar සදහා tick කර පෙර පරිදිම සැකසුම් කර save කරන්න.


මෙන්න අවසාන ප්‍රතිඵලය
Windows වල

--------------------------------------------------------------------------------------
office වල




මම හිතනව මේ post එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල. එහෙම උනානම් කියල යන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අපි තවත් post එකකින් හමුවෙමු.
ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් comment කරන්න.





Tuesday 2 October 2012

ඕනෑම file එකක හෝ folder එකක path එක right click කිරීම මගින් copy කරගමු.



මම අද කියල දෙන්න යන්නෙ file එකක හෝ folder එකක path එක copy කරගන්න පුලුවන් ඉතාම පහසු ක්‍රමයක් ගැන. බැලූ බැල්මට ඔබට හිතෙන්න පුලුවන් මේකෙන් අපිට කිසි වැඩක් නෑනෙ කියල ඒත් මේක කියවල කරන විදිය දැනගෙන ඉන්න එතකොට කවද හරි ඔයාට මේක ඕන උනොත් කරගන්න දන්නවනෙ. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.
මේකෙන් ඕනෑම file එකක path එක copy කරගන්න පුලුවන්. එක file එකක විතරක් නෙමේ අවශ්‍යනම් files කිහිපයකම උවත් path එකපාර copy කරගන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයක්.
ඉස්සල්ලම පහත තියන Link ඒකෙන් ගිහින් Ninotech Path Copy 4.0 කියන zip file එක download කරගන්න
(150kb විතර තමා වෙන්නෙ)

softpedia එකෙන් ගන්න මෙන්න link එක
 download button

ඒකෙන් ගන්න එක කරදරයි වගේ හිතෙනවනම් මෙන්න මම mediafire එකටත් දැම්ම.




දැන් ඔය download කරගත්ත zip file එක extract කරගන්න.

ඊට පස්සෙ PATHCOPY.INF එක උඩ right click කරල Install මත click කරන්න.
පහත පිංතූරය බලන්න පැහැදිලි වෙයි.

-----------------------------------------------------------------------------------------------------------
දැන් අවශ්‍ය file එක උඩ right click කරපුවාම > තියනවා copy path කියන sub menu එකක් ඒකට ගිහාම >  path එක කැමති විදියකට copy කරගන්න පුලුවන්.(Long path,Short path,folder path................)
පහල තියන පිංතූරය බලන්නකො.

--------------------------------------
ඔය copy path කියන sub menu එකේ යටින්ම Setup... කියල එකක් තියනවා පේනව ඇතිනෙ එතන click කරල බලන්න එතන තියනවා තවත් සැකසුම් රාශියක් හදාගන්න.

එහෙනම් මේ post එක ගැන ඕයාලගෙ අදහසුත් දාල යන්න අමතක කරන්න එපා..


 
powered by Blogger