Wednesday, 31 August 2011

Control Panel එක පිටුපස files සැගවීම.








files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ  සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.

01 පියවර :-  මුලිනම Open කරගන්න Notepad එක.
02 පියවර:-  ඊටපස්සෙ මේ දීලා තියන code එක copy කරගෙන  Notepad එකට paste කරන්න. මතක් කරලා මේකෙ  softwaresaralawa  කියලා රතු පටින් දාලා තියන තැනට හංගන්න ඕන folder එකේ නම යොදන්න.

ren softwaresaralawa softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002b30309D}
03 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට Lock.bat ලෙස යොදා  Save කරන්න.

04 පියවර :- ආයෙ Open කරගන්න Notepad එකක් දැන් ඒකට මේ code එක paste කරන්න මේකෙත් මතක ඇතුව softwaresaralawa කියන තැනට folder එකේ  name එක දෙන්න.
ren softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} softwaresaralawa

05 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට  key.bat ලෙස යොදා  Save කරන්න.

06 පියවර :- හරි එහෙනම් දැන් මම කියපු ටික ඒ පිලිවලටම කරන්න ඇතිනෙ එහෙනම් දැන් අර හංගන්න ඕන Folder එක තියන තැනටම ඔය Save කරගත්ත Lock.bat සහ key.bat කියන bat file දෙක paste කරගන්න.(මේකට අනුවනම් හංගන්න ඕනා folder එකෙ name එක වෙන්න ඕනා softwaresaralawa නමුත් ඔයාල ඒ වෙනුවට දාපු නමින් තමා folder එක තියෙන්න ඕනා.)

06 පියවර:- දැන් හරි. එහෙනම් දැන් folder එක හංගගන්න වැඩේ ලෑස්තියි දැන් කරන්න තියෙන්නෙ අර Lock.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder එකේ icon එක මාරු වෙනවා Control Panel එකේ icon එක විදියට දැන් ඒ Folder එක Open කරලා බලන්න Open වෙන්නෙ නෑ  Open වෙන්නෙ Control Panel එක දැන් හොයන්න බෑ එතන තියෙන්නෙ  folder එකක් කියලා.

07 පියවර :-  ආආආ…. කෝ දැන් Folder එක ඒක කොහොමද ආයෙ ගන්නෙ?. බයවෙන්න එපා ඒක ආයෙ ඕනනම් අර key.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder ආයෙ බලන්න පුලුවන්.

බලල ඉවර වෙලා මතක් කරලා අයෙ අර Lock.bat කියන එකෙන් lock කරල යන්න. ඔය bat file දෙක ඔතන තියන්න එපා මොකද එතකොට වෙන කෙනෙක්ට පුලුවන්නෙ ඔය folder එක බලන්න ඒ නිසා ඔතනින් Lock.bat සහ key.bat යන දෙක මකලා දාන්න ආයෙ ඕන වෙන වෙලාවට එතනට දාගන්න.

Sunday, 28 August 2011

නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න.




නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි  ක්‍රමයක්.

 හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය http://www.evaphone.com/locale/en මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගත හැකියි.
මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත කැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.

මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.


Sunday, 31 July 2011

Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද.




ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ  ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.

ඔන්න එහෙනම් අපි දැන් වැඩේට බහිමු.

මුලින්ම මේ දීලා තියන link එකෙන් ගිහින් software එක download කරගන්න.(21 KB)
http://www.mediafire.com/?38135dz5rwyf6k7

හරි දැන් ඒක download කරගත්තානෙ ඒක zip කරලා නේද තියෙන්නේ එහෙනම් ඒක extract කරගන්න.

දැන් back.exe කියලා file එකක් එයි ඒ file එක copy කරගන්න.

ඊට පස්සෙ ඔයාට background එක වෙනස් කරන්න ඕනා කරන  folder එක ඇතුලට ගිහින් ඒක ඇතුලේ ඔය back.exe කියන file එක paste කරන්න.

හරි දැන් ඔය back.exe එක Open කරන්න එතකොට එනවා පහත ආකාරයේ window එකක්

ඕක දැන් Next > කරන්න.



ඊට පස්සේ මේ විදියෙ එකක් එනවා ඒකෙ modify background picture and filename appearance කියන එකට tick එක දාලා Next > කරන්න.



දැන් මේ විදියෙ එකක් එනවා ඕකෙ
(01) Browse වලින් background එකට දෙන්න ඕන කරන image එක තෝරන්න,
(02) text කියන තැන text colour එකත්,
(03) background කියන තැන text එකේ background colour එකත් තෝරලා
Next > කරන්න.




ඔන්න ආවා අන්තිම එක ඕකෙ Finish මත click කරන්න.




දැන් වැඩේ හරි දැන් Refresh කරලා බලන්න Background එකට තෝරපු image එම ඇවිත් ඇති. ඔච්චරයි

මම හිතනවා ඕයාලට මේකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා දැන් ඔයාලා මේක කියෙව්වානෙ 
ඉතිං ඔයාලට හිතෙන දෙයක්   comment වල දාලා යන්න.
කැමතිනම් විතරක් follow කරගෙනම යන්න.
එහෙනම් තවත් මෙවැනිම post එකකින් හමුවෙමු.


Friday, 29 July 2011

ඔබේ Nokia ජංගම දුරකතනයට ටෝච් එකක්



මම මේක දෙන්නේ Nokia Phones පාවිච්චි කරන අයටයි chinese phone පාවිච්චි කරන අයටනම් phone ඒකේ ටෝච් එකක් තියනවානේ.

කරන්ට් එක ගියාම හරි කරුවල තැනකදි හරි ගොඩක් අය අනිවාරෙන්ම පාවිච්චි කරන්නේ Phone එකනේ ඒක ටිකක් අලුත් විදියට කරගන්න software  එකක් තමා මම අද දෙන්න යන්නේ.

ඕකෙන් මහලොකු දෙයක් වෙන්නෙ නෑ වෙන්නේ මෙච්චරයි ඕක Open කරගත්තාම screen එකට කැමති පාටක් දාගන්න පුලුවන්, screen එකේ brightness වැඩී, ඕන තරම් වෙලාවක් screen එක off වෙන්නේ නැතුව තියාගන්න පුලුවන්. මේකෙ නම තමා fun torch



එහෙනම් ඔය යටින් දීලා තියන link එකෙන් download කරගෙන  Phone එකට install කරගන්න.



Sunday, 24 July 2011

Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්නෙ මෙහෙමයි.




ඔන්න මම අද ගෙනාවේ ඔබේ blog එකට ඔය උඩින් දාලා තියන පිංතූරයේ ආකාරයට cursor  එක  පසුපසින් එන විදියට ඔබ කැමති අකුරු ටිකක් දා න විදිය ගැනයි. කිව්ව එක තේරුනාද දන්නෙත් නෑ post එක ඔක්කොම කියවන්නකෝ එතකොට තේරුම් ගන්න පුලුවන්.

මේකත් එච්චර අමාරු වැඩක් නෙමේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම blogger home page එකට යන්න ඊට පස්සෙ Desing tab එකට යන්න ඒකෙ Page Elements tab එකේ දකුනූ පැත්තෙ තියන Add a Gadget මත click කරන්න එතකොට මතුවෙන window එකේ HTML/JavaScript මත click කරන්න එතකොට පහත ආකාරයේ window එකක් එනවා.



 ඒකේ Content කියන text box ඒකට මම post එක යටින්ම දීලා තියන code එක  paste කරන්න දැන් ඒක save කරන්න. ඊට පස්සෙ Desing tab එකේ දකුනු පැත්තෙ උඩ තියන save button එකත් click කරන්න. දැන් blog  එකට ගිහින් බලන්න දීපු අකුරු ටික cursor එක පස්සෙන් ඒවි.

Code එකේ your text here කියන තැනට ඔයාට කැමති අකුරු ටික දාගන්න පුලුවන් දාගන්න පුලුවන්.


පිංතූරය පැහදිලි නැත්නම් click කරලා බලන්න.


Code එක මෙතන දාන එක හරිගියෙ නෑ ඒ නිසා දැනට text file එකක දාලා mediafire එකට upload කලා ඒ ක පහත link එකෙන් ගන්න.

http://www.mediafire.com/?92ibud65pb6imxf
(මේක හරියන්නෙ නෑ කියලා comment තිබ්බ නිසා පහලින් තව code එකක් දැම්මා ඒක දාගන්න,
 දාල බලල ඒක හරියන්නෙ නැති අය මේක දාගන්න, මේක හරියන්නෙ නැති අය ඒක දාගන්න)


ප.ලි.
මේ post එකට දාල තිබුන ගොඩක් ප්‍රතිචාර වලින් පෙනුනෙ මේක හරි ආකාරව වැඩ නොකරන බවයි.
මම මේක කිහිප වරක්ම නිවැරදි කලත් අදහස් දැක්වපු අය ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා මම හිතුවෙ දැන් හරි ඇති කියල.

මොකටත් මම වෙන blog එකක් හදල code එක දාල බැලුවා ඒකට හරියට වැඩ කරන්නෙ නෑ තමා text එක ගොඩක් පස්සෙන් එන නිසා ඒක පේන්නෙ නෑ. හැබැයි ඔය දීල තියන code එක මගෙ blog එකටනම් හොදට වැඩ කරනව සමහර විට මම දාල තියන template එක නිසා වෙන්න ඇති.

දැන් ඒක හරිගැස්සුවා. මෙතනින් ගිහින්  බලන්න වෙනම blog එකක් හදල අලුත් code එක දාල තියනවා හොදට වැඩ කරනව.

මෙන්න පහලින් තියනව හරිගස්සපු code එක මේක දාගෙන බලන්න. බලල හරි ගියාද කියල කියන්නත් අමතක කරන්න එපා.


 ඒ වගේම මෙයින් ඔබට සිදුවූ අපහසුතාවය ගැනත් මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.
 
powered by Blogger