Friday, 14 December 2012

You Tube වීඩියෝවක් බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න ලේසිම වැඩේ.



අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ.

ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න,බලාගන්න පුලුවන්නම් අපිට කලින්ම තීරනය කරන්න පුලුවන් video එක බලනවද නැද්ද කියල. ඉතින් එහෙම බලාගන්න තිබ්බනම් කොච්චර පහසුද නේ. මම අද කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරගන්නෙ විදිය තමා.

හැබැයි මේක Google Chrome භාවිතා කරන අයට විතරයි. එහෙනම් Chrome පාවිච්චි කරන අය පහත link එකෙන් ගිහිල්ලා extension එක Browser එකට Add කරගන්නකො.


හරි දැන් දාගෙන ඉවර වෙලා Youtube එකට ගිහිල්ලා ඔය තියන මොකක් හරි video එකක් ලගට cursor එක ගිනියල බලන්නකො video එක Thumbnail ආකාරයෙන්ම බලල තීරනය කරන්න පුලුවන් බලනවද නැද්ද කියලා. 
තව එකක්, පොඩි පොඩි internet packages වලින් යන අය දාගන්නවනම් පොඩ්ඩක් හිතල බලන්න මොකද මේකෙදි පොඩියට උනත් අපිට අවශ්‍ය සහ අනවශ්‍ය Video සේරම load වෙන නියා නිකරුනේ දත්ත ප්‍රමානය අහක යනව කියල ඒ අයට හිතෙන්නත් පපුලුවන්.


Saturday, 27 October 2012

ඔබ නිතර භාවිතා කරන folders, Windows සහ Office වල open/save dialogs box එකට එකතු කරගන්න


Windows සහ Office වල open/save dialogs box වල පැත්තෙන් තියන folders වෙනුවට අපිට කැමති වෙනත් folders එකතු කරගැනීමට අවස්ථාවක් සපයල නෑ.
ඉතින් මම අද දෙන්න යන්නෙ එතන තියන අපිට වැඩකට නැති folders වෙනුවට අපි නිතර භාවිතා කරන folders  එකතු කරගන්න පුළුවන් විදියෙ software එකක්.

ඉස්සල්ලම කියන්න ඕන මේකෙ කියල තියන විදියට මේක සහය දක්වන්නෙ මෙන්න මේවටයි.
  • Windows 2000/XP/ME/Vista
  • Microsoft Office 2000/XP/2003/2007
හරි ඔබත් මේවයින් එකක් හෝ භාවිතා කරනවනම් ඔබටත් පුළුවන් මේ වැඩේ කරල බලන්න.
01. ඉස්සල්ලම මේ link එකෙන් ගිහින් Melloware Placesbar Editor කියන එක download කරගන්න.
http://melloware.com/placesbar/  (0.98MB විතර තමා වෙන්නෙ)

02. zip file එකක් තමා download වෙන්නෙ ඒක extract කරගෙන සාමා‍න්‍ය පරිදි install කරගන්න.

03. දැන් මේ වගේ එකක් එයි

ඕකෙ Windows tab එක යටතෙ windows වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගන්න පුළුවන් ඒ සදහා අදාළ folder එක ඉදිරියෙන් ඇති custom මත Tick කර අවශ්‍ය folder එකක් තෝරගන්න.

04. අවසානයේ save මත click කරන්න. දැන් ඔබට අවශ්‍ය පරිදි සැකසී ඇද්දැයි පරීක්ෂා කරගැනීමට test මත click කරන්න.


  • office වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගැනීම සදහා පහත පරිදි  Add 5 more custom places to the Office 2000/XP/2003/2007 PlacesBar සදහා tick කර පෙර පරිදිම සැකසුම් කර save කරන්න.


මෙන්න අවසාන ප්‍රතිඵලය
Windows වල

--------------------------------------------------------------------------------------
office වල




මම හිතනව මේ post එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල. එහෙම උනානම් කියල යන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අපි තවත් post එකකින් හමුවෙමු.
ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් comment කරන්න.





Tuesday, 2 October 2012

ඕනෑම file එකක හෝ folder එකක path එක right click කිරීම මගින් copy කරගමු.



මම අද කියල දෙන්න යන්නෙ file එකක හෝ folder එකක path එක copy කරගන්න පුලුවන් ඉතාම පහසු ක්‍රමයක් ගැන. බැලූ බැල්මට ඔබට හිතෙන්න පුලුවන් මේකෙන් අපිට කිසි වැඩක් නෑනෙ කියල ඒත් මේක කියවල කරන විදිය දැනගෙන ඉන්න එතකොට කවද හරි ඔයාට මේක ඕන උනොත් කරගන්න දන්නවනෙ. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.
මේකෙන් ඕනෑම file එකක path එක copy කරගන්න පුලුවන්. එක file එකක විතරක් නෙමේ අවශ්‍යනම් files කිහිපයකම උවත් path එකපාර copy කරගන්න පුලුවන්.

කරන්න තියෙන්නෙ බොහොම පුංචි දෙයක්.
ඉස්සල්ලම පහත තියන Link ඒකෙන් ගිහින් Ninotech Path Copy 4.0 කියන zip file එක download කරගන්න
(150kb විතර තමා වෙන්නෙ)

softpedia එකෙන් ගන්න මෙන්න link එක
 download button

ඒකෙන් ගන්න එක කරදරයි වගේ හිතෙනවනම් මෙන්න මම mediafire එකටත් දැම්ම.




දැන් ඔය download කරගත්ත zip file එක extract කරගන්න.

ඊට පස්සෙ PATHCOPY.INF එක උඩ right click කරල Install මත click කරන්න.
පහත පිංතූරය බලන්න පැහැදිලි වෙයි.

-----------------------------------------------------------------------------------------------------------
දැන් අවශ්‍ය file එක උඩ right click කරපුවාම > තියනවා copy path කියන sub menu එකක් ඒකට ගිහාම >  path එක කැමති විදියකට copy කරගන්න පුලුවන්.(Long path,Short path,folder path................)
පහල තියන පිංතූරය බලන්නකො.

--------------------------------------
ඔය copy path කියන sub menu එකේ යටින්ම Setup... කියල එකක් තියනවා පේනව ඇතිනෙ එතන click කරල බලන්න එතන තියනවා තවත් සැකසුම් රාශියක් හදාගන්න.

එහෙනම් මේ post එක ගැන ඕයාලගෙ අදහසුත් දාල යන්න අමතක කරන්න එපා..


Thursday, 20 September 2012

කොච්චර download කලාද කොච්චර upload කලාද දැනගන්න.



ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ   ඒක බලාගන්න පුලුවන් software එකක්.

හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ,  ඒ කියන්නෙ අනිවාරෙන් දාන්න වෙන්නෙ ක්‍රැක් එකක් කියන එකනෙ . ක්‍රැක් වල තත්වය මම ඉතිං අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නෑනෙ. ඒක ඔයාල දන්නවා.
ඉතිං ඔය නිසා තමා මම ඔයාලට හැමදාම Free දෙන උසස් තත්වයේ Softwares ම විතරක් දෙන්නෙ. මම කවදාවත් මේ blog එකේ ඔයාලට ක්‍රැක් දීල නැත්තෙත් අන්න ඒ හේතුව නිසයි. මේක
Free දෙන එකක් උනාට මේකෙ ගොඩක් පහසුකම් තියනවා නම තමා ඔය පහල තියෙන්නෙ.

NetWorx NetWorx


මම පාවිච්චි කරන්නෙත් ඔය software එකම තමා ඔය උඩ දාල තියන screenshot  එකෙ තියෙන්නෙ මගේ අන්තර්ජාල භාවිතයේ තරම තමා , දැන් පැහැදිලිනෙ මාත් ඕකම පාවිච්චි කරනව කියල.

 මේකෙන් බලන්න පුලුවන් මාසෙක download/upload කරපු ප්‍රමාන විතරක් නෙමේ  මේ දක්වා කරපු සියලුම ප්‍රමානයන්,මාසෙක,සතියක,දවසක සහ ඕනෙනම් එක් එක් පැයට  භාවිතා කල ප්‍රමානයන්ද, විශ්ලේශනය කරලා පෙන්නනවා. තව මේ මොහොතේ download speed එක upload speed එක වැනි තවත් බොහෝ දෑ දැනගැනීමේ පහසුකම් මේ software එකේ තියනවා

ඉතිං විස්තර ඇති ඔයාලත් අරගෙනම බලන්න.
පහල තියන link එකෙන්

http://www.softperfect.com/products/networx/ ඕකෙ යටම වම් පැත්තෙ ඇති download කරන්න link එක.




 මේ screenshot එක දැම්මෙ speed පෙන්නන ආකාරය බලාගන්නයි.





මේකෙ data usage report එක back up කරන විදිය  restore කරන විදිය පහල පිංතූරෙන් බලාගන්න පුලුවන්.




Tuesday, 28 August 2012

Windows Explorer තුලදිත් Tab සමග වැඩ කරමු.

------------------------------------------------------------------------------------------------------------
ඇයි? සෑහෙන කාලයකින් අලුත් පොස්ට් තිබ්බෙ නැත්තෙ.
ගොඩක් කාලෙකින් Blog එකට post එකක් දාන්න ලැබුනෙ. මම හිතන්නෙ දැන් මාස 04කින් විතර තමා මේ post එක දාන්න ලැබුනෙත්. දාන්න ගොඩක් දේවල් තිබ්බත් exam වැඩ කටයුතු නිසා ඒව එකක්වත් දාන බැරි උනා :-)  . ඒ කාලෙ ඇතුලත කිසිම post එකක් ඔයාල වෙනුවෙන් දෙන්න බැරි උන එක ගන මුලින්ම මගෙ කණගාටුව ප්‍රකාශ කරනව :(  
දැන් exam ඉවර නිසා දිගටම අලුතින් post දානවා සමහර විට කලින් දැම්මටත් වඩා වැඩිපුර දාන්න උත්සහ කරනවා. ඒ නිසා නැවතත් මේ blog එක සමග එකතු වෙන ලෙස මම සියලුම දෙනාට ආරධනා කරනවා.
------------------------------------------------------------------------------------------------------------


හරි අපි දැන් බලමු මොකද්ද මේ කිව්ව tab කතාව කියල. අපි සාමාන්‍යන් දවසෙ වැඩි හරියක් ගත කරන්නෙ අන්තර්ජාලයෙ නිසා අපි හැමෝටම Windows Explorer වලට වඩා අපි නිතර භාවිතා කරන web browser එක පුරුදු වෙලා ඒ වගේම web browser එක තුල tab භාවිතා කරීම මගින් අපේ වැඩ වලට තියන පහසුව මම අලුතින් කියන්න ඕන නෑනෙ.

ඉතින් මම මේ දැන් දෙන්න යන්නෙ Windows Explorer තුලදිත් tab පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන software එකක්.
මේකෙ tab සහ bookmarks සැකසිල තියෙන්නෙ Google Chrome වල පෙනුමටමයි ඉතින් ගොඩක් අය ඒකටත් කැමති වෙයි.

මේකෙ නම කියන්න බැරි උනානෙ මේකෙ නම තමා Clover.
ඔය පහළින් දාල තියෙන්න screenshot එක බලන්නකො


පිංතූරය පැහැදිලි නැත්තම් පිංතූරය උඩ click කරන්න


මෙන්න link එක Download

ඉතිං මේකෙන් ඔයාලට වැඩක් උනා කියල හිතෙනවනම් comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
එහෙනම් තවත් post එකකින් ලගදිම හමුවෙමු.
 
powered by Blogger