Saturday, 28 January 2012
mouse එක තියලා facebook photos zoom කිරීම.
මම අද දෙන්න යන්නෙ ඔයාලගෙ web browsers වලට දාගන්න plugin එකක්.
ඔයාල facebook එකට ගියාම ඔයාලගෙ යාළුවො facebook එකට දාපු එක එක photo ගොඩක් තියනවනෙ ඉතිං ඒවා බලන්නත් ඕනෙ ඒත් ඔය තියන හැම එකම වැඩකුත් නෑනෙ. ඉතින් ඔය තියන හැම එකකටම click කර කර බලන්නත් කරදරයිනෙ.
ඉතිං ඔන්න මම දෙන්න යන plugin එක දාගත්තාම ඒ හැම එකකටම click කර කර බලන්න ඕන නෑ මේ plugin එක දාල photo එකේ ළගට mouse point එක තිබ්බාම අදාළ photo එක zoom වෙලා පේනවා(facebook වලට විතරයි). ඉතිං පහළින් දීල තියන link එකෙන් බලල දාගන්නකො.
plugin එක install කරන විධිය නම් මම කියල දෙන්න දෙයක් නෑනෙ ඒක දාගන්න විධිය දන්නවනෙ.
01. chrome සදහා.
02. firefox සදහා.
Friday, 13 January 2012
ඔක්කොම එකපාර එකට දාගන්න.
ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.
දන්නව අතිනෙ සාමාන්‍යයෙන් අපි computer එක format කලාම ඔතන තියන අමාරුම සහ එපාමවෙන වැඩේ format කරන එක නෙමේ format කරල ඉවර වෙල එකින් එක softwares install කරන එක කියලා ගොඩක් වෙලාවට format කරන්නත් කම්මැලි ඔය වැඩේ නිසානෙ
ඉතිං ඕකට යම්තාක් දුරට විසදුමක් ගන්න විදියක් තමා මම අද දෙන්න යන්නෙ මෙතනදි කරන්නෙ මොකද්ද කියල අපි පහලින් බලමු.
පොඩි පොඩි softwares වලට තමා හොද මොකද මේක downlod කරන්න ඕනෙනෙ දන්න්වනෙ ඉතින් ලංකාවෙ broadband :) හැබැයි මේකෙ අපිට එදිනෙදා භාවිතයට ඕන කරන ගොඩාක් softwares download කරගන්න තියබනවා.
පියවර 01:- මුලින්ම යන්න මේ site එකට.
windows සදහා මෙතන්.
linux සදහා මෙතනින්.
පියවර 02 :- හරි දැන් site එකට ගියානෙ හරිම ලේසියි වැඩේ දැන් තෝරගන්න ඔයාට ඕනකරන softwares ට්ක තෝරගෙන ඉවර වෙලා Get Installer කියන එකට click කරන්න
පියවර 03:- දැන් setup file එකක් දෙනවා download කරගන්න.
පියවර 03:- දැන් ඒක open කරන්න එතකොට අර තෝරපු softwares ටික download වෙලා නිකම්ම install වෙනවා.
Thursday, 29 December 2011
බ්ලොගයට එන අයට New Year එකට සුභපතන්න ලේසි ක්‍රමයක්.
මම අද ඔයාලට දෙන්න යන්නෙ New Year එකට ඔයාලගෙ blog එකට දාගන්න banner එකක් මේකත් මම අර කලින් නත්තලට දාගන්න දුන්න banner එක වගේම එකක් තමා ඒත් මම ඒක දානකොට ටිකක් පරක්කු උනා :( මොකද එතකොට මගෙ router කැඩිලනෙ තිබුනෙ). කොහොම උනත් කමක් නෑ මේ post මේකනම් ඔන්න පොඩ්ඩක් විතර කලින් දාන්න පුලුවන් උනා.
ඉස්සල්ලම මෙතනින් ගිහින් බලලා ඉන්නකො මේ banner එක හොදද කියල.
ඒක හිතට ඇල්ලුවනම් පහත කියල තියන විදියට දාගන්න පුලුවන්.
01. Design > Add A Gadget > Html/Javascript
02.02.පහත code එක copy කරලා ඒ තුල paste කරන්න
03. දැන් save කරන්න.
ඔබ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!.
Saturday, 24 December 2011
බ්ලොගයට එන අයට නත්තලට සුභපතන්න ලේසි ක්‍රමයක්
මුලින්ම කියන්න්න ඕනා මම මේ වගේ post එකක් දාන්න හිටියෙ december මාසය පටන් ගන්න දවස් වලමයි ඒත් මගෙ router එක කැඩුනු නිසාමට ඒක කරගන්න බැරි උනා, ඉතිං මම ඒ ගැන මගේ බලවත් කනගාටුව ප්‍රකාශකර සිටිනවා :) අද තමා මට router එක හම්බවුනේ, දැන් මේක දීලා වැඩක් වෙයිද මන්දා කමක් නෑ මේක එච්චර අමාරු වැඩක් නෙමේනෙ ඒක නිසා ඔයාලට කැමතිනම් මේක අදම ඔයාලගෙ blog එකට දාගන්න පුලුවන් එහෙනම් අපි වැඩෙ පටන් ගමු.
නත්තලට සුබපතන්න ලේසි ක්‍රමයක් කිව්වට තාම දන්නෙ නෑනෙ මොකක්ද මේ කරන්න යන්නෙ කියල එහෙනම් ඔය පහලින් දීල තියන link එකෙන් ගිහින් ඉස්සල්ලම බලන්නකො මොකක්ද දාන්න යන්නෙ කියල ඒකෙ දකුණු පැත්තෙ උඩම අති banner එකක් ඒක තමා දාන්න යන්නෙ ඉතින් ඔයාලට ඒක හිතට ඇල්ලුවනම් දාගන්න විදිය පහත කියල තියනවා.
මෙතනින් ගිහින් බලාගන්න පුලුවන්.
01. Design > Add A Gadget > Html/Javascript
02.පහත code එක copy කරලා ඒ තුල paste කරන්න
03.දැන් save කරන්න එච්චරයි
ඒ වගේම blog එකට එන අයට සුබ පතන්න මම කලින් දාපු
Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්න
post එකත් උපකාර කරගන්න පුලුවන් වෙයි.
ඔබ සියලු දෙනාටම මමත් සුබම සුබ නත්තලක් කියලා ප්‍රාර්තනා කරනවා.
Wednesday, 30 November 2011
Photo එකක් text එකක් බවට පත් කරමු 2 (වර්ණත් සමග).
Photo එකක් text එකක් බවට පත් කරනව කිව්වහම මතක් වෙනව
ඇතිනෙ මොකක් ගැනද කියන්නෙ කියල මම මේ ගැන මීට කලිනුත් එකක් ලිව්ව ඒකත් කියවපු අය ඇතිනෙ
කියවපු නැති අය ඉන්නවනම් ඒ අයට මෙතනින් ගිගින් ඒකත් කියවන්න පුලුවන්. ඒත් මම අද කියන්න යන්නෙ ඒ post එකේ දපු විදියට
වඩා වෙනස් ඊට වඩා ටිකක් හොද ක්‍රමයක්. ඒකෙදි අපිට
text එක හම්බවුනේ pain text එකක් විදියටනෙ
ඉතින් මේක ඊට වඩා වෙනස් මේකෙදි අපිට text එක ලැබෙන්නෙ
photo එකේ තිබුනු colours එක්කමයි.
ඔය උඩ දාලාතියන photo එකෙත් තියෙන්නෙ ඒ විදියට
හදපු photo එකක්නෙ.
ඉස්සල්ලම මම මේ දීල තියන site එකට යන්නකො ඔන්න යටින්
තියනව site එක.
උඩින්ම තියනවනෙ HTML ,ASCII ,Matrix කියල තුනක් ඒකෙන් HTML තෝරන්න.
Image file: choose file කියන තැනට click
කරලා photo එක තෝරන්න.
Characters: මෙතනට
දෙන්න text එකට
තිබිය යුතු අකුරු හෝ ඉලක්කම්.
Random දුන්නොත් ඒ අකුරු අහබු ලෙසත්.
Sequence දුන්නොත් ඒ අක්කුරු අනුපිලිවෙලටත් text එකට එනවා.
Font size: මෙතනට font size එක දෙන්න.
Image width: මෙතනත
text එකේ පළල දෙන්න (අකුරු ගණන).
Show it in: colour කියන එක තෝරන්න.
Background: පසුබිමට
අවශ්‍ය වර්ණය දෙන්න.
Extra contrast: මේකට
yes දුන්නාම contrast පොඩ්ඩක් වැඩිවෙනවා.
Web browser: මෙතනට දැන් ඔය website එකට ගිය Web browser එක තෝරන්න.
දැන් Convert! කියන button එකට click කරන්න.
දැන් text එක colours එක්කම බලාගන්න පුලුවන් දැන් text එක select
කරලා copy කරගෙන කොහෙට හරි paste
කරගන්න ඉතිං ඔච්චරයි කරන්න තියෙන්නෙ.
එහෙනම් ඔබේ අදහසුත් යටින් දාල යන්න.
Subscribe to:
Posts (Atom)






