Friday 11 March 2011

windows xp වල icon මාරු කරගන්න විදිය.





අදත් මම මේ post එකෙන් කියන්න හදන්නේ කලින් post එකෙන් කිවුවා වගේම එකක් ඒතමා windows xp වල මුහුනණුවර වෙනස් කරන ක්‍රමයක්.

මම මේකෙන් කියන්නේ windows xp වල වල icon වලට windows vista වල icons replace කරගන්න විදිය. ඔයාලා මේකත් එක එක softwares පාවිච්චි කරලා කරලා බලලා අති ඒත් එහෙම එක එක softwares දාපුවාහම computer එක පොඩ්ඩක් හරි slow වෙන්න බලපානවානේ. මේ ක්‍රමය කලාම පොඩ්ඩක්වත් computer එක slow වෙන්නෙ නෑ. මොකද කියුවොත් වෙනත් software පාවිච්චි කරන්නෙ නෑමේකෙන් කරනනෙ windows xp වල icon අඩංගු (shell32.dll) file එක replace කරන එකයි.

ඒක system file එකක් නිසා නිකම්ම copy කරලා paste කලාට replace කරන්න බෑ,  ඒකට වෙනම ක්‍රමයක් තියනවා ඒ ක්‍රමය පාවිච්චි කරලා අර  file එක replace කරගෙන icon මාරු කරගන්න විදිය තමා මම කියන්න යන්නේ ඒත් මේක 100% ක්ම සාර්තක නෑ කියන්නේ ඔක්කෝම icon මාරුවෙන්නෙ නෑ. ඒත් ගොඩක් icon මාරු වෙනවා ඒක නිසා මේක මටනම් සර්ථක උනා ඔයාලත් කරලා බලන්න.

පියවර 01 :- මුලින්න පහතින් දීලා තියන ගොනු දෙකම බාගන්න.
I.                    file එක replace කරන්න ගන්න software එක.
II.                 Replace කරන vista icons අඩංගු dll  file එක(මේක DOS වලින් හදපු එකක්)

පියවර 02 :- ඊට පස්සේ C:\WINDOWS\system32 වල තියන shell32.dll   file එක හොයාගන්න (windows                  folder එක අස්සට ගිහින් keyboard එකේ S ඔබලා හොයලා බලන්න)

පියවර 03 :- ඊට පස්සේ අර DOS වලින් තියන පොඩි software එක Open කරගන්න ඊටපස්සේ            C:\WINDOWS\system32 අස්සේ තියන shell32.dll   file එක එම dos window එක තුලට ඇදලා දාලා enter කරන්න එතකොට ඉල්ලනවා replace කරන්න ඕනා file එක එතකොට අර download කරගත්ත shell32.dll එක window එකට ඇදලා දාන්න ඊලගට y කී එක ඔබල enter කරන්න එතකොට file එක replace වෙනවා වැඩේ ඉවර උනාට පස්සේ press any key to quit කියලා පෙන්නයි එතකොට මොකක් හරි key එකක් ඔබපුවාම හරි.

පියවර 04 :-  දැන් file එක replace කරලා ඉවරයි දැන් ඉතින් computer එක restart කරලා බලන්න වැඩේ ගොඩ.

මම යටින් slideshow එකක screenshot ටිකකුත් දැම්මා එකත් බලන්න තවත් පැහැදිලි වෙයි.
 ඔයාලට හිතෙන්නේ screenshot ටික slideshow එකක දාන එක හොදද, නැත්තම් නිකම්ම දාන එකද හොද මමනම් හිතන්නේ slideshow එකක දාන එක හොද අති කියලා ඔයාලට හොද එකත් කියලා comment එකක් දාන්න එතකොට මම ඊලග පාර ඒ විදියට screenshot ටික දාන්නම්.







4 comments:

  1. me xp style eka download karaganna thenak kiyanna.

    ReplyDelete
  2. @AMASARAxp style එක කියල අදහස් කලේ මොකද්ද. පැහැදිලි මදි..
    මම එහෙම එකක් ගැන මේකෙ කියල නෑනෙ. :(

    ReplyDelete
  3. ඔයා දාලා තියෙන තීම් එක.

    ReplyDelete
  4. ඕක windows xp service pack 3 එකට එනවා.
    දාල තියෙන්නෙ service pack 3 එකනම් පොඩ්ඩක් බලන්න display properties වල Appearance Tab එකේ Windows and buttons යටතේ ඇති.

    එතන නැත්තම් මෙතන එකක් තියනව ඒක ටිකක් try කරල බලන්න.
    මෙන්න linl එක http://www.customize.org/xpthemes/47968

    ReplyDelete

 
powered by Blogger