Thursday 20 September 2012

කොච්චර download කලාද කොච්චර upload කලාද දැනගන්න.



ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ   ඒක බලාගන්න පුලුවන් software එකක්.

හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ,  ඒ කියන්නෙ අනිවාරෙන් දාන්න වෙන්නෙ ක්‍රැක් එකක් කියන එකනෙ . ක්‍රැක් වල තත්වය මම ඉතිං අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නෑනෙ. ඒක ඔයාල දන්නවා.
ඉතිං ඔය නිසා තමා මම ඔයාලට හැමදාම Free දෙන උසස් තත්වයේ Softwares ම විතරක් දෙන්නෙ. මම කවදාවත් මේ blog එකේ ඔයාලට ක්‍රැක් දීල නැත්තෙත් අන්න ඒ හේතුව නිසයි. මේක
Free දෙන එකක් උනාට මේකෙ ගොඩක් පහසුකම් තියනවා නම තමා ඔය පහල තියෙන්නෙ.

NetWorx NetWorx


මම පාවිච්චි කරන්නෙත් ඔය software එකම තමා ඔය උඩ දාල තියන screenshot  එකෙ තියෙන්නෙ මගේ අන්තර්ජාල භාවිතයේ තරම තමා , දැන් පැහැදිලිනෙ මාත් ඕකම පාවිච්චි කරනව කියල.

 මේකෙන් බලන්න පුලුවන් මාසෙක download/upload කරපු ප්‍රමාන විතරක් නෙමේ  මේ දක්වා කරපු සියලුම ප්‍රමානයන්,මාසෙක,සතියක,දවසක සහ ඕනෙනම් එක් එක් පැයට  භාවිතා කල ප්‍රමානයන්ද, විශ්ලේශනය කරලා පෙන්නනවා. තව මේ මොහොතේ download speed එක upload speed එක වැනි තවත් බොහෝ දෑ දැනගැනීමේ පහසුකම් මේ software එකේ තියනවා

ඉතිං විස්තර ඇති ඔයාලත් අරගෙනම බලන්න.
පහල තියන link එකෙන්

http://www.softperfect.com/products/networx/ ඕකෙ යටම වම් පැත්තෙ ඇති download කරන්න link එක.




 මේ screenshot එක දැම්මෙ speed පෙන්නන ආකාරය බලාගන්නයි.





මේකෙ data usage report එක back up කරන විදිය  restore කරන විදිය පහල පිංතූරෙන් බලාගන්න පුලුවන්.




5 comments:

  1. නියමයි. මාර විදිහට වටිනවා...

    http://www.pasinduzone.info

    ReplyDelete
  2. mokakda machan use karana data package eka?

    ReplyDelete

 
powered by Blogger