Saturday 27 October 2012

ඔබ නිතර භාවිතා කරන folders, Windows සහ Office වල open/save dialogs box එකට එකතු කරගන්න


Windows සහ Office වල open/save dialogs box වල පැත්තෙන් තියන folders වෙනුවට අපිට කැමති වෙනත් folders එකතු කරගැනීමට අවස්ථාවක් සපයල නෑ.
ඉතින් මම අද දෙන්න යන්නෙ එතන තියන අපිට වැඩකට නැති folders වෙනුවට අපි නිතර භාවිතා කරන folders  එකතු කරගන්න පුළුවන් විදියෙ software එකක්.

ඉස්සල්ලම කියන්න ඕන මේකෙ කියල තියන විදියට මේක සහය දක්වන්නෙ මෙන්න මේවටයි.
  • Windows 2000/XP/ME/Vista
  • Microsoft Office 2000/XP/2003/2007
හරි ඔබත් මේවයින් එකක් හෝ භාවිතා කරනවනම් ඔබටත් පුළුවන් මේ වැඩේ කරල බලන්න.
01. ඉස්සල්ලම මේ link එකෙන් ගිහින් Melloware Placesbar Editor කියන එක download කරගන්න.
http://melloware.com/placesbar/  (0.98MB විතර තමා වෙන්නෙ)

02. zip file එකක් තමා download වෙන්නෙ ඒක extract කරගෙන සාමා‍න්‍ය පරිදි install කරගන්න.

03. දැන් මේ වගේ එකක් එයි

ඕකෙ Windows tab එක යටතෙ windows වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගන්න පුළුවන් ඒ සදහා අදාළ folder එක ඉදිරියෙන් ඇති custom මත Tick කර අවශ්‍ය folder එකක් තෝරගන්න.

04. අවසානයේ save මත click කරන්න. දැන් ඔබට අවශ්‍ය පරිදි සැකසී ඇද්දැයි පරීක්ෂා කරගැනීමට test මත click කරන්න.


  • office වලට අදාළ open සහ save dialog box වල folders වෙනස් කරගැනීම සදහා පහත පරිදි  Add 5 more custom places to the Office 2000/XP/2003/2007 PlacesBar සදහා tick කර පෙර පරිදිම සැකසුම් කර save කරන්න.


මෙන්න අවසාන ප්‍රතිඵලය
Windows වල

--------------------------------------------------------------------------------------
office වල




මම හිතනව මේ post එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියල. එහෙම උනානම් කියල යන්නත් අමතක කරන්න එපා.
එහෙනම් අපි තවත් post එකකින් හමුවෙමු.
ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් comment කරන්න.





3 comments:

  1. Help Me,එක් එක් කෙනාට අයිති තොරතුරු ඇතුලත් කර තැනු එම තොරතුරු එම කෙනාගෙ නමින් හො හැදුනුම්පත් අන්කයෙන් හො සෙවිම් කල හැකි software එකක් දෙන්න.(අර බැන්කුවල වගෙ)

    ReplyDelete
  2. I Love your article. You cant visit my website : minecraft pocket edition 0.10 5

    ReplyDelete

 
powered by Blogger