Tuesday, 25 October 2011

Vidudaya English-Sinhala Pop up Dictionary.


ඔන්න මම අද ගෙනාවේ English තේරුම සිංහලෙන් දැනගන්න පුලුවන් software එකක්.මේ කියන්නේ අපි කවුරුත් දන්න මධුර dictionary එක ගැන නෙමේ. මේක දාගත්තාම තියන වාසිය තමා අපිට පරිගණකය තුල හමුවෙන ඕනෑම English word එකක් select කල සැනින්ම ඊට අදාල සිංහල තේරුම බලාගන්න පුලුවන් වීම.

සමහර විට ඔයාල මේ වගේ එකක් පාවිච්චි කරනවා ඇති web browser එකේ plugin එකක් විදියට ඒත් ඒකෙන් තේරුම දැනගන්න පුලුවන්කම ලැබෙන්නේ web browser එක ඇතුලත තියන වචන වල තේරුම විතරයි. මේකෙ තියන වාසිය ඕනෑම තැනක තියන වචනයක තේරුම බලාගන්න පුලුවන් වීමයි. ඉතින් කෝකටත් web browser වලට දාන්න තියන plugin එක ගැනත් මම ඊලග  post එකෙන් දාන්නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මටත් මේක හම්බවුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ තිබිලා මේ link එකෙන්.
කොහොම උනත් මේ software එකෙන් ප්‍රයෝයනයක් තියනවා කියල හිතුනු නිසා තමයි මම මේ ගැනත් post එකක් දාන්න හිතුවේ.

එහෙනම් මෙතනින් download කරගන්න පුලුවන්.

ඕක install කරගත්තාම task pane එකට එනවා “සි” අකුරක රතුපාට icon එකක් English word එකක් select කලාම ඒකෙ තේරුම ඒ icon එකට පොඩි කොටුවක පෙන්නනවා.


Friday, 30 September 2011

ජංගම දුරකථන තිරයේ screen shots ගැනීම.



ඔන්න මම කලින් post එකේ කිව්වෙ දිග web පිටු වල screen shots ගැනීම ගැනනෙ. අදත් කියන්න යන්නෙ ඒ වගේ වැඩක් ගැනයි. අද screen shots ගන්න යන්නේ phone එකේ. ඔයාලට phone එකේ screen shot ගන්න ඕනාවෙන අවස්ථා තියනවනේ ඉතිං ඒ වෙලාවට මේ software එකෙන් වැඩේ කරගන්න පුලුවන් හැබයි මම මේ දෙන software එක වැඩ කරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලට) වලට විතරයි.

මොකද මම පාවිච්චි කරල තියෙන්නේ nokia phone විතරයි ඒ නිසා මම ගාව තියෙන්නේ ඔක්කොම symbian වලට දාන softwares. ඉතින් symbian අයට මම දීලා තියන link එකෙන් ඕක ගන්න පුලුවන් අනිත් අය software එකේ නම (best screen snap) කියලා google එකේ search කරලා බලන්න ඒ අයටත් හොයාගන්න පුලුවෙඅන් වෙයි තමන්ගෙ os එකට හරියන software එකක්. අනික මේ වගේ තව ගොඩක් softwares තියනවනෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ.

ඔන්න එහෙනම් පහත තියනවා link එක.

screen shots ගැනීමට shortcut key එකක් තෝරා ගැනීමට shortcut key තුලට ගොස් අවශ්‍ය key එක press කිරීමෙන් තෝරාගත හැක.

Tuesday, 27 September 2011

දිග web පිටු වල screen shots ගැනීම.





අපිට බොහෝ වෙලාවට web පිටු වල screen shot  එකක් ගන්න ඕන උනාම බොහෝදෙනා වැඩියෙන්ම කරන්නෙ print screen key එක ඔබලා screen shot එක paint වලට හරි photoshop වලට හරි paste කරගන්න එකනෙ ඒත් එහෙම ගන්න screen shot වලදී සම්පූර්ණ පිටුවෙම screen shot එකක් ගන්න බැරි වෙනවා.

ඉතිං සමහරු නම් සමහර විට මේකට මොකක් හරි software එකක් පාවිච්චි කරලත් වැඩේ කරගන්නවා ඇති. ඒත් ඒකත් ටිකක් කරදර වැඩක් කියල තේරෙනවනෙ. අනික හරියට වැඩේ වෙන්නෙත් නෑ සමහර software වල. ඊටත් වැඩිය ලේසි ක්‍රමටයකින් මේ වැඩේ පහසුවෙන් කරගන්න තිබ්බනම් හොදයි නේද ඉතිං මම ඒක කරගන්න පාවිච්චි කරන්නෙ එහෙම ක්‍රමයක් තමා ඉතිං මම ඔයාලට දැන් දෙන්න යන්නේ ඒ වැඩේ ඔයාලගෙ web browser එකතුලදිම කරගන්න plugin එකක්.

ඔන්න එහෙනම් මේ link එකෙන් ගිහින් ඉස්සල්ලම ඔයාලගෙ web browser එකට ගැලපෙන plugin එක install කරගන්නකො.

plugin එක install කරගත් පසු ඔබේ web browser එකට අලුතින් button එකක් එකතුවෙයි (පහත රූප බලන්න) එක මත click කිරීමෙන් අනතුරුව එන menu එකේ Capture entire page and … මත click කර save කරන්න මද වේලවකින් screen shot එක save කරගැනීමට හැකියාව ලැබේවි.


FireShot button in Internet Explorer 
FireShot button in Firefox, Thunderbird and SeaMonkey 

FireShot button in Google Chrome


අවශ්‍ය නම් screen shot එක edit කරගැනීමේ හැකියාවද plugin එක තුලම තියනවා.

Wednesday, 31 August 2011

Control Panel එක පිටුපස files සැගවීම.








files හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ  සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො. ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව.

01 පියවර :-  මුලිනම Open කරගන්න Notepad එක.
02 පියවර:-  ඊටපස්සෙ මේ දීලා තියන code එක copy කරගෙන  Notepad එකට paste කරන්න. මතක් කරලා මේකෙ  softwaresaralawa  කියලා රතු පටින් දාලා තියන තැනට හංගන්න ඕන folder එකේ නම යොදන්න.

ren softwaresaralawa softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002b30309D}
03 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට Lock.bat ලෙස යොදා  Save කරන්න.

04 පියවර :- ආයෙ Open කරගන්න Notepad එකක් දැන් ඒකට මේ code එක paste කරන්න මේකෙත් මතක ඇතුව softwaresaralawa කියන තැනට folder එකේ  name එක දෙන්න.
ren softwaresaralawa.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} softwaresaralawa

05 පියවර :- File > Save As…   ගිහින්  File Name එකට  key.bat ලෙස යොදා  Save කරන්න.

06 පියවර :- හරි එහෙනම් දැන් මම කියපු ටික ඒ පිලිවලටම කරන්න ඇතිනෙ එහෙනම් දැන් අර හංගන්න ඕන Folder එක තියන තැනටම ඔය Save කරගත්ත Lock.bat සහ key.bat කියන bat file දෙක paste කරගන්න.(මේකට අනුවනම් හංගන්න ඕනා folder එකෙ name එක වෙන්න ඕනා softwaresaralawa නමුත් ඔයාල ඒ වෙනුවට දාපු නමින් තමා folder එක තියෙන්න ඕනා.)

06 පියවර:- දැන් හරි. එහෙනම් දැන් folder එක හංගගන්න වැඩේ ලෑස්තියි දැන් කරන්න තියෙන්නෙ අර Lock.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder එකේ icon එක මාරු වෙනවා Control Panel එකේ icon එක විදියට දැන් ඒ Folder එක Open කරලා බලන්න Open වෙන්නෙ නෑ  Open වෙන්නෙ Control Panel එක දැන් හොයන්න බෑ එතන තියෙන්නෙ  folder එකක් කියලා.

07 පියවර :-  ආආආ…. කෝ දැන් Folder එක ඒක කොහොමද ආයෙ ගන්නෙ?. බයවෙන්න එපා ඒක ආයෙ ඕනනම් අර key.bat කියන එක උඩ double click කරන්න දැන් අර folder ආයෙ බලන්න පුලුවන්.

බලල ඉවර වෙලා මතක් කරලා අයෙ අර Lock.bat කියන එකෙන් lock කරල යන්න. ඔය bat file දෙක ඔතන තියන්න එපා මොකද එතකොට වෙන කෙනෙක්ට පුලුවන්නෙ ඔය folder එක බලන්න ඒ නිසා ඔතනින් Lock.bat සහ key.bat යන දෙක මකලා දාන්න ආයෙ ඕන වෙන වෙලාවට එතනට දාගන්න.

Sunday, 28 August 2011

නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න.




නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි  ක්‍රමයක්.

 හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය http://www.evaphone.com/locale/en මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගත හැකියි.
මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත කැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.

මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.


 
powered by Blogger