Thursday, 20 September 2012

කොච්චර download කලාද කොච්චර upload කලාද දැනගන්න.



ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ   ඒක බලාගන්න පුලුවන් software එකක්.

හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ,  ඒ කියන්නෙ අනිවාරෙන් දාන්න වෙන්නෙ ක්‍රැක් එකක් කියන එකනෙ . ක්‍රැක් වල තත්වය මම ඉතිං අලුතින් කියල දෙන්න ඕන වෙන එකක් නෑනෙ. ඒක ඔයාල දන්නවා.
ඉතිං ඔය නිසා තමා මම ඔයාලට හැමදාම Free දෙන උසස් තත්වයේ Softwares ම විතරක් දෙන්නෙ. මම කවදාවත් මේ blog එකේ ඔයාලට ක්‍රැක් දීල නැත්තෙත් අන්න ඒ හේතුව නිසයි. මේක
Free දෙන එකක් උනාට මේකෙ ගොඩක් පහසුකම් තියනවා නම තමා ඔය පහල තියෙන්නෙ.

NetWorx NetWorx


මම පාවිච්චි කරන්නෙත් ඔය software එකම තමා ඔය උඩ දාල තියන screenshot  එකෙ තියෙන්නෙ මගේ අන්තර්ජාල භාවිතයේ තරම තමා , දැන් පැහැදිලිනෙ මාත් ඕකම පාවිච්චි කරනව කියල.

 මේකෙන් බලන්න පුලුවන් මාසෙක download/upload කරපු ප්‍රමාන විතරක් නෙමේ  මේ දක්වා කරපු සියලුම ප්‍රමානයන්,මාසෙක,සතියක,දවසක සහ ඕනෙනම් එක් එක් පැයට  භාවිතා කල ප්‍රමානයන්ද, විශ්ලේශනය කරලා පෙන්නනවා. තව මේ මොහොතේ download speed එක upload speed එක වැනි තවත් බොහෝ දෑ දැනගැනීමේ පහසුකම් මේ software එකේ තියනවා

ඉතිං විස්තර ඇති ඔයාලත් අරගෙනම බලන්න.
පහල තියන link එකෙන්

http://www.softperfect.com/products/networx/ ඕකෙ යටම වම් පැත්තෙ ඇති download කරන්න link එක.




 මේ screenshot එක දැම්මෙ speed පෙන්නන ආකාරය බලාගන්නයි.





මේකෙ data usage report එක back up කරන විදිය  restore කරන විදිය පහල පිංතූරෙන් බලාගන්න පුලුවන්.




Tuesday, 28 August 2012

Windows Explorer තුලදිත් Tab සමග වැඩ කරමු.

------------------------------------------------------------------------------------------------------------
ඇයි? සෑහෙන කාලයකින් අලුත් පොස්ට් තිබ්බෙ නැත්තෙ.
ගොඩක් කාලෙකින් Blog එකට post එකක් දාන්න ලැබුනෙ. මම හිතන්නෙ දැන් මාස 04කින් විතර තමා මේ post එක දාන්න ලැබුනෙත්. දාන්න ගොඩක් දේවල් තිබ්බත් exam වැඩ කටයුතු නිසා ඒව එකක්වත් දාන බැරි උනා :-)  . ඒ කාලෙ ඇතුලත කිසිම post එකක් ඔයාල වෙනුවෙන් දෙන්න බැරි උන එක ගන මුලින්ම මගෙ කණගාටුව ප්‍රකාශ කරනව :(  
දැන් exam ඉවර නිසා දිගටම අලුතින් post දානවා සමහර විට කලින් දැම්මටත් වඩා වැඩිපුර දාන්න උත්සහ කරනවා. ඒ නිසා නැවතත් මේ blog එක සමග එකතු වෙන ලෙස මම සියලුම දෙනාට ආරධනා කරනවා.
------------------------------------------------------------------------------------------------------------


හරි අපි දැන් බලමු මොකද්ද මේ කිව්ව tab කතාව කියල. අපි සාමාන්‍යන් දවසෙ වැඩි හරියක් ගත කරන්නෙ අන්තර්ජාලයෙ නිසා අපි හැමෝටම Windows Explorer වලට වඩා අපි නිතර භාවිතා කරන web browser එක පුරුදු වෙලා ඒ වගේම web browser එක තුල tab භාවිතා කරීම මගින් අපේ වැඩ වලට තියන පහසුව මම අලුතින් කියන්න ඕන නෑනෙ.

ඉතින් මම මේ දැන් දෙන්න යන්නෙ Windows Explorer තුලදිත් tab පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙන software එකක්.
මේකෙ tab සහ bookmarks සැකසිල තියෙන්නෙ Google Chrome වල පෙනුමටමයි ඉතින් ගොඩක් අය ඒකටත් කැමති වෙයි.

මේකෙ නම කියන්න බැරි උනානෙ මේකෙ නම තමා Clover.
ඔය පහළින් දාල තියෙන්න screenshot එක බලන්නකො


පිංතූරය පැහැදිලි නැත්තම් පිංතූරය උඩ click කරන්න


මෙන්න link එක Download

ඉතිං මේකෙන් ඔයාලට වැඩක් උනා කියල හිතෙනවනම් comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.
එහෙනම් තවත් post එකකින් ලගදිම හමුවෙමු.

Saturday, 7 April 2012

Blog එකට එන යාළුවන්ට අලුත් අවුරුද්දට සුභ පතන්න බැනර් එකක් දාගමු.





ඉස්සල්ලම කියන්න ඕනෙ මට ගොඩක් කාලයකින් blog එකට කිසිම Post එකක් දාගන්න බැරි උනා ඒකට හේතුව මට ඒ සදහා වෙන් කරගන්න කාලයක් නැති වුනා, ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්‍රකශ කරන අතර ඉදිරි මාස 5ක් තුලද(අගෝස්තු මස දක්වා). බ්ලොගයට නිතර නිතර ලිපි දැමීමට නොහැකි විය හැකි අතර ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොගය කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.
ඉතිං එතකන් මේ Blog එක අමතක නොකර Blog එක සමග රෙදී සිටින ලෙස කාරුනිකව ඔබ සැමගෙන් ඉල්ල සිටිනවා..

හරි දැන් අපි බලමු අපි කරන්න ආපු වැඩේ මොකද්ද මේ blog එකට දාගන්න යන Banner එක කියල
මතක ඇතිනෙ කලිනුත් මම මේ වගේම post 2ක් දැම්ම එකක් නත්තලට දැම්මෙ අනික දැම්මෙ 2012 අලුත් අවුරුද්දට.
මේකත් ඒවගේම බැනර් එකක් තමා හැබැයි මේකෙ තියෙන්නෙ සිංහලෙන් පහත link එකෙන් ගිහින් බලන්නකෝ බැනර් එක.


ඉතිං ඔයාලටත් මෙ බැනර් එක ඔයාලගෙ Blog එකට දාගන්න හොදයි කියල හිතුනනම් පහත පියවර අනුගමනය කිරීමෙන් දාගන්න පුලුවන්.

01. Design > Add A Gadget > Html/Javascript
02.පහත code එක  copy කරලා ඒ තුල paste කරන්න.




03. දැන් save කරන්න.


  • ඔබ සැමට සුභ නව වසරක් වේවා!!!  



Saturday, 28 January 2012

mouse එක තියලා facebook photos zoom කිරීම.



මම අද දෙන්න යන්නෙ ඔයාලගෙ web browsers වලට දාගන්න plugin එකක්.
ඔයාල facebook එකට ගියාම ඔයාලගෙ යාළුවො facebook එකට දාපු එක එක photo ගොඩක් තියනවනෙ ඉතිං ඒවා බලන්නත් ඕනෙ ඒත් ඔය තියන හැම එකම වැඩකුත් නෑනෙ. ඉතින් ඔය තියන හැම එකකටම click කර කර බලන්නත් කරදරයිනෙ.
ඉතිං ඔන්න මම දෙන්න යන plugin එක දාගත්තාම ඒ හැම එකකටම click කර කර බලන්න ඕන නෑ මේ plugin එක දාල photo එකේ ළගට mouse point එක තිබ්බාම අදාළ photo එක zoom වෙලා පේනවා(facebook වලට විතරයි). ඉතිං පහළින් දීල තියන link එකෙන් බලල දාගන්නකො.

plugin එක install කරන විධිය නම් මම කියල දෙන්න දෙයක් නෑනෙ ඒක දාගන්න විධිය දන්නවනෙ.

01. chrome සදහා.
02. firefox සදහා.

Friday, 13 January 2012

ඔක්කොම එකපාර එකට දාගන්න.




ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද  මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.

දන්නව අතිනෙ සාමාන්‍යයෙන් අපි computer එක format කලාම ඔතන තියන අමාරුම සහ එපාමවෙන වැඩේ format කරන එක නෙමේ format කරල ඉවර වෙල එකින් එක softwares install කරන එක කියලා ගොඩක් වෙලාවට format කරන්නත් කම්මැලි ඔය වැඩේ නිසානෙ
ඉතිං ඕකට යම්තාක් දුරට විසදුමක් ගන්න විදියක් තමා මම අද දෙන්න යන්නෙ මෙතනදි කරන්නෙ මොකද්ද කියල අපි පහලින් බලමු.
පොඩි පොඩි softwares වලට තමා හොද මොකද මේක downlod කරන්න ඕනෙනෙ දන්න්වනෙ ඉතින් ලංකාවෙ broadband :)   හැබැයි මේකෙ අපිට එදිනෙදා භාවිතයට ඕන කරන ගොඩාක් softwares download කරගන්න තියබනවා.
පියවර 01:- මුලින්ම යන්න මේ site එකට.
                   windows සදහා මෙතන්.
                   linux සදහා මෙතනින්.
පියවර 02 :- හරි දැන් site එකට ගියානෙ හරිම ලේසියි වැඩේ දැන් තෝරගන්න ඔයාට ඕනකරන softwares ට්ක  තෝරගෙන ඉවර වෙලා Get Installer කියන එකට click කරන්න

පියවර 03:- දැන් setup file එකක් දෙනවා download කරගන්න.

පියවර 03:- දැන් ඒක open කරන්න එතකොට අර තෝරපු softwares ටික download වෙලා නිකම්ම install වෙනවා.
 
powered by Blogger