Sunday 20 February 2011

තමන්ගේ files web එකේ backup කිරීම







මම අද මේ post එකෙන් කියලා දෙන්න යන්නේ අපේ files web එකේ backup  කරන විදියක් ගැන. මමත් මේ ක්‍රමය පචිච්චි කරනවා කිසි කරදරයක් නැතිව files ටික backup කරගන්න පුලුවන්. අත්තටම මේක සාර්ථක ක්‍රමයක්.


ඒත් මෙහෙම කියනකොට ඔයාලට හිතෙන්න පුලුවන් CD එකක backup කරගන්න පුලුවන්නෙ කියලා කරගන්න පුලුවන්නම් ඒකත් හොදයි තමා ඒත් ඒක ප්‍රායෝගිකව කෙරෙන්නෙ නෑනෙ backup කරන්න තියෙන්නේ පොඩි file එකක්නම් තව file ටිකක් එකතු උනාම කරනවා කියලා ඉන්නවා මේ අතරතුරේදී අර files ටික මොනාහරි වෙලා මැකුනොත් නම් ඉතින් sorry තමා.

මේ ක්‍රමයේ නම් එහෙම නෑ තියෙන්නෙ පොඩි file එකක් උනත් කම්මැලි නැතුව සැරින් සැරේට හරි backup කරගන්න පුලුවන්. එහෙම ලේසියෙන්ම backup කරගන්න මේකෙ තියන විශේශත්වය තමා backup කරන්නෙ web එකේ උනාට  මේ ඔක්කොම software එකක් මගින් ඉතා පහසුවෙන් කරන්න පුලුවන්කම තියන එක හරියට folder එකකින් folder එකකට copy කරනවා වගේ තමයි backup කරගන්න තියෙන්නෙ. මේකෙ නම තමයි dropbox වැඩේ හරිම ලේසියි අපි එහෙනම් කරලම බලමු.


පියවර 01 -           මුලින්ම මේ link එකෙන් dropbox වෙබ් අඩවියට යන්න. ගිහින් ඒකෙ register වෙන්න එතකොට ඒ site එකෙන් දෙනවා පොඩි setup file එකක් ඒක download කරගන්න.

පියවර 02 -           ඊට පස්සෙ අර download කරගත්ත dropbox setup file එක install කරගන්න. Install කලාට පස්සෙ ඔයාට dropbox එකේ account එකක් නැත්තම් අලුතින් එකක් හදාගන්න අහයි. ඒත් දැන් account එකක් හදා ගත්තනෙ ඒක නිසා ඒ account එකෙන් log වෙන්න .

පියවර 03 -           ඊට පස්සෙ my documents වලට යන්න ඒකෙ ඇති Dropbox කියලා folder එකක් ඒක open කරලා ඔයාට backup කරගන්න ඕනා files ටික copy කරගෙන ඇවිත් මේ folder එක එක ඇතුලේ paste කරන්න ඒ folder එකට paste කරන ඔක්කොම ‍files web එකේ upload වෙනවා.අයෙ ඒකෙන් files ගන්නෙත් එහෙමම තමා. අවශයනම් folder එක ඇතුලෙ තව folders උනත් හදාගන්න පුලුවන්.



සැලකිය යුතුයි :-file එකක් මේකට past කරපු ගමන්ම ඒ file එක upload වෙන්නෙ නැහැ file එකේ සයිස් එක අනුව upload වෙන්න යන කාලය වෙනස් වෙනවා.


යම් හේතුවකින් ඔයා computer එක format කරලා මේ My Documents ඇතුලේ තියන Dropbox folder එක නැති උනොත් එතකොට කරන්න තියෙන්නෙ ආයෙමත් අර dropbox එකෙන් දෙන software එක install කරලා කලින් හදපු account එකෙන්ම log වෙන එක. එතකොට අර කලින් දාපු files ටික ඔක්කෝම අර folder එක අස්සෙ තියනවා.




1 comment:

 
powered by Blogger