Wednesday, 30 November 2011

Photo එකක් text එකක් බවට පත් කරමු 2 (වර්ණත් සමග).




Photo එකක් text එකක් බවට පත් කරනව කිව්වහම මතක් වෙනව ඇතිනෙ මොකක් ගැනද කියන්නෙ කියල මම මේ ගැන මීට කලිනුත් එකක් ලිව්ව ඒකත් කියවපු අය ඇතිනෙ කියවපු නැති අය ඉන්නවනම් ඒ අයට මෙතනින් ගිගින් ඒකත් කියවන්න පුලුවන්. ඒත් මම අද කියන්න යන්නෙ ඒ post එකේ දපු විදියට වඩා වෙනස් ඊට වඩා ටිකක් හොද ක්‍රමයක්. ඒකෙදි අපිට text එක හම්බවුනේ pain text එකක් විදියටනෙ ඉතින් මේක ඊට වඩා වෙනස් මේකෙදි අපිට text එක ලැබෙන්නෙ photo එකේ තිබුනු colours එක්කමයි. ඔය උඩ දාලාතියන photo එකෙත් තියෙන්නෙ ඒ විදියට හදපු photo එකක්නෙ.

ඉස්සල්ලම මම මේ දීල තියන site එකට යන්නකො ඔන්න යටින් තියනව site එක.



උඩින්ම තියනවනෙ
  HTML ,ASCII ,Matrix කියල තුනක් ඒකෙන් HTML තෝරන්න.


Image file:       choose file කියන තැනට click කරලා photo එක තෝරන්න.

Characters:       මෙතනට දෙන්න  text එකට තිබිය යුතු අකුරු හෝ ඉලක්කම්.
Random දුන්නොත් ඒ අකුරු අහබු ලෙසත්.
Sequence දුන්නොත් ඒ අක්කුරු අනුපිලිවෙලටත් text එකට එනවා.
Font size:         මෙතනට font size එක දෙන්න.

Image width:    මෙතනත text එකේ පළල දෙන්න (අකුරු ගණන).

Show it in:       colour කියන එක තෝරන්න.

Background:    පසුබිමට ‍අවශ්‍ය වර්ණය දෙන්න.

Extra contrast:  මේකට yes දුන්නාම contrast පොඩ්ඩක් වැඩිවෙනවා.

Web browser:  මෙතනට  දැන් ඔය website එකට ගිය Web browser එක තෝරන්න.

දැන් Convert! කියන button එකට click කරන්න.


දැන් text එක colours එක්කම බලාගන්න පුලුවන් දැන් text එක select කරලා copy කරගෙන කොහෙට හරි paste කරගන්න  ඉතිං ඔච්චරයි කරන්න තියෙන්නෙ.

එහෙනම් ඔබේ අදහසුත් යටින් දාල යන්න.

Sunday, 27 November 2011

Send to මෙනුවට අලුත් එකක් දාගමු.




Send  to menuව කිව්වෙ මොකකටද කියන එක දන්නවනෙ ඔය මොකක් හරි file එකක් උඩ right click කලාම එන්නෙ send to කියල sub menu එකක් ඒකෙ තියනවනෙ desktop, my documents, compressed..වගේ ඒවා ඉතිං මම අද ඔයාලට  කියල දෙන්න යන්නෙ කොහොමද ඔතනට අලුත් folder එකක් දාගන්නෙ කියල. ඒ කියන්නෙ මොකක් හරි file එකක් උඩ  right click කරල ඒ file එක මොකක් හරි folder එකකට යැවීම සදහා.

මම මේ post එක ටිකක් කලින් දාන්න හිටපු එකක් උනත් දාන්න ටිකක් පරක්කු උනේ windows seven වලට අදාල folder path එක දන්නෙ නැති හින්ද ඒක නැතුව දැම්මනම් මේ poste එකෙන් windows seven පාවිච්චි කරන අයට වැඩක් නැති වෙනවනෙ අද තමයි ඒකත් හොයල බලල මේ post එක දාන්නෙ එහෙනම් වැඩේ කරගන්න විදිය පහතින් තියනව පියවරෙන් පියවර කියවල බලන්න සරලයි.
මේක කරන්න නම් ඉස්සල්ලම hidden files පේන විදියට හදාගන්න
ඒක කරගන්න දන්නෙ නැති අය ඉන්නවනම් පහතින් තියන video එක බලන්න. (පොඩි video එකක්   328kb    360p)





පියවර 01 :- හරි එහෙනම් දැන් කොහෙහරි කැමති තැනක folder එකක් හදාගන්න (උදාහරණයක් විදියට කියමුකෝ desktop එකේ කියල)
ඒකට කැමති නමක් දාගන්න (ඒකටත් උදාහරණයක් විදියට කියමුකො received කියලා නම දුන්න කියලා)

පියවර 02 :- දැන් ඒ folder එක උඩ right click කරලා create shortcut මත click කරන්න.

පියවර 03 :- දැන් ඒ හදාගත්ත shortcut එක cut කරන්න දැන් ඒ cut කරගත්ත shortcut එක පහතින් දීල තියන path එකේ තියන folder එක ඇතුලට paste කරන්න.


windows xp සදහා :-  C:\Documents and Settings\දැනට log වී සිටින user account එකට අදාල folder                         එක\SendTo



windows seven සදහා:-    C:\users\  දැනට log වී සිටින user account එකට අදාල folder එක \AppData\Roaming
                 නැත්තම් start > run  %APPDATA%\Microsoft\Windows\SendTo ඕක ගහලා enter කරන්න.

හරි දැන් වැඩේ ඉවරයි කරල බලමු එහෙනම් දැන් ඕනෑම file එකක් උඩ right click කරලා send to menu එකට ගියාම දැන් ඒ menu දැකගන්න පුලුවන් අපි අර කලින් හදපු folder එක (ඉහත උදාහරණයේ හැටියට නම් received)  ඒකට click කරල බලන්න ඔය file එක received folder එක ඇතුලට යනවා.
ඔය sendto folder එක ඇතුලට ඕනෙනම් application එකක shortcut එකක් උනත් දාන්න පුලුවන් එතකොට ඒ application එකෙන් open වෙනවා ඒකත් ඔනෙනම් කරල බලන්න.

හරි එහෙනම් මේක කියවල ඔයාලට මොකක් හරි වැඩක් උනා කියල හිතෙනවනම් comment එකක් දාල යන්න නැතත් comment එකක් දාලා ගියාට කමක් නෑ :D
Comment එකක් දාලා හරි නොදා හරි ගියාට කමක් නෑ ආයෙ මේ පැත්තෙ එන්න J.


Saturday, 29 October 2011

web browser එකට English Sinhala dictionary එකක්.




ඔන්න මම කලින් post එකෙන් කියපු විදියටම web browser වලට addon එකක් විදියට install කරගන්න පුලුවන් English Sinhala dictionary එක අරගෙන ආවා හැබැයි මේක තියෙන්නෙ Google Chrome පාවිච්චි කරන අයට සහ Firefox පාවිච්චි කරන අයට විතරයි කොහොමත් වැඩිදෙනෙක් පාවිච්චි කරන්න ඔය දැකෙන් එකක්නෙ.

මේ ආකාරයේ addons දෙකක් තුනක් විතර තියනවා ඒත් මම දැන් දෙන්න යන්නෙ LKTips addon එක මොකද මට හිතෙන විදියට LKTips එක ටිකක් හොදයි මමත් දාගෙන ඉන්නෙ ඒක තමා.

එහෙනම් පහල තියන link එකෙන් ගිහින් lionlk අඩවියෙන් ඕනකරන web browser එකට අදාල addon එක download කරගන්න ඊටපස්සෙ අදාල web browser එකට drag කිරීමෙන් install කරගන්න පුලුවන්.


Install කරගන්න විදිය පැහැදිලි නැත්තම් පහල තියන video එක බලන්න එතකොට වැඩේ පැහැදිලි වෙයි.
addon එකක් install කරගන්න එකනම් ඒ හැටි අමාරු වැඩක් නෙමේ ඒත් ඕක download කරලා install කරන්න තියන නිසා ඒක කරන්න දන්නෙ නැති අය ඉන්න නිසා තමා video එකක් දැම්මේ.


----------------------------

Tuesday, 25 October 2011

Vidudaya English-Sinhala Pop up Dictionary.


ඔන්න මම අද ගෙනාවේ English තේරුම සිංහලෙන් දැනගන්න පුලුවන් software එකක්.මේ කියන්නේ අපි කවුරුත් දන්න මධුර dictionary එක ගැන නෙමේ. මේක දාගත්තාම තියන වාසිය තමා අපිට පරිගණකය තුල හමුවෙන ඕනෑම English word එකක් select කල සැනින්ම ඊට අදාල සිංහල තේරුම බලාගන්න පුලුවන් වීම.

සමහර විට ඔයාල මේ වගේ එකක් පාවිච්චි කරනවා ඇති web browser එකේ plugin එකක් විදියට ඒත් ඒකෙන් තේරුම දැනගන්න පුලුවන්කම ලැබෙන්නේ web browser එක ඇතුලත තියන වචන වල තේරුම විතරයි. මේකෙ තියන වාසිය ඕනෑම තැනක තියන වචනයක තේරුම බලාගන්න පුලුවන් වීමයි. ඉතින් කෝකටත් web browser වලට දාන්න තියන plugin එක ගැනත් මම ඊලග  post එකෙන් දාන්නම් ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

මටත් මේක හම්බවුනේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ තිබිලා මේ link එකෙන්.
කොහොම උනත් මේ software එකෙන් ප්‍රයෝයනයක් තියනවා කියල හිතුනු නිසා තමයි මම මේ ගැනත් post එකක් දාන්න හිතුවේ.

එහෙනම් මෙතනින් download කරගන්න පුලුවන්.

ඕක install කරගත්තාම task pane එකට එනවා “සි” අකුරක රතුපාට icon එකක් English word එකක් select කලාම ඒකෙ තේරුම ඒ icon එකට පොඩි කොටුවක පෙන්නනවා.


Friday, 30 September 2011

ජංගම දුරකථන තිරයේ screen shots ගැනීම.



ඔන්න මම කලින් post එකේ කිව්වෙ දිග web පිටු වල screen shots ගැනීම ගැනනෙ. අදත් කියන්න යන්නෙ ඒ වගේ වැඩක් ගැනයි. අද screen shots ගන්න යන්නේ phone එකේ. ඔයාලට phone එකේ screen shot ගන්න ඕනාවෙන අවස්ථා තියනවනේ ඉතිං ඒ වෙලාවට මේ software එකෙන් වැඩේ කරගන්න පුලුවන් හැබයි මම මේ දෙන software එක වැඩ කරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලට) වලට විතරයි.

මොකද මම පාවිච්චි කරල තියෙන්නේ nokia phone විතරයි ඒ නිසා මම ගාව තියෙන්නේ ඔක්කොම symbian වලට දාන softwares. ඉතින් symbian අයට මම දීලා තියන link එකෙන් ඕක ගන්න පුලුවන් අනිත් අය software එකේ නම (best screen snap) කියලා google එකේ search කරලා බලන්න ඒ අයටත් හොයාගන්න පුලුවෙඅන් වෙයි තමන්ගෙ os එකට හරියන software එකක්. අනික මේ වගේ තව ගොඩක් softwares තියනවනෙ හොයාගන්න අමාරු වෙන එකක් නෑ.

ඔන්න එහෙනම් පහත තියනවා link එක.

screen shots ගැනීමට shortcut key එකක් තෝරා ගැනීමට shortcut key තුලට ගොස් අවශ්‍ය key එක press කිරීමෙන් තෝරාගත හැක.
 
powered by Blogger